අවසන් වරට යාවත්කාලීන කළේ: 2026 ජූලි 30
ඔබේ වයස අවුරුදු දහ අටට (18) අඩු නම් හෝ ඔබ පදිංචි ප්‍රාන්තයේ හෝ රටේ වයෝපූර්ණ භාවයට එළඹී නැත්නම්, ඔබට Meta නිෂ්පාදන ඔස්සේ ගෙවීම් විශේෂාංග (මෙහි අර්ථ දක්වා ඇත) භාවිත කළ හැක්කේ ඔබේ මව/පියා හෝ භාරකරුගේ මැදිහත් වීම සහිතව පමණි. ඔබ දෙදෙනාට ම ඔබේ සියලු අයිතිවාසිකම් සහ වගකීම් අවබෝධ වන පරිදි ඔබ ඔබේ මව/පියා හෝ භාරකරු සමඟ ගෙවීම් නියමයන් සමාලෝචනය කරන බවට සහතික කර ගන්න.
අපි ඔබේ පහසුව සඳහා අංශ ශීර්ෂ කිහිපයක් සපයා ඇත, නමුත් ඔබ ඔබේ මෙන් ම අපගේ ද අයිතිවාසිකම් සහ වගකීම් තේරුම් ගැනීමට මෙම ප්‍රජා ගෙවීම් නියම ("ගෙවීම් නියම") සැලකිල්ලෙන් කියවා බැලිය යුතු ය.
මෙහි භාවිත කර ඇති නමුත් අර්ථ දක්වා නොමැති කැපිටල් අකුරින් දක්වා ඇති නියම අපගේ සේවා නියම (“නියම”) තුළ අර්ථය දක්වා ඇත.
මෙම ගෙවීම් නියම හා එකඟ වීමෙන් හා ඔබ ව්‍යාපාරික සත්තාවයක් නම්, අ) ඔබ ක්‍රියාත්මක වන රටෙහි හෝ රටවල ව්‍යාපාර කිරීමට ඔබට නිසි ලෙස බලය පවරා ඇති බවත්; ආ) Meta නිෂ්පාදන හරහා ගෙවීම් සේවා වෙත ප්‍රවේශ වන ඔබේ සේවකයන්, නිලධාරීන් හෝ නියෝජිතයන්ට නිසි ලෙස බලය පවරා ඇති අතර, ඔවුන්ට මෙම ගෙවීම් නියම සහ ඔබේ පරිශීලක නාමය සහ මුරපදය යටතේ සිදු කරන සියලුම ගෙවීම් ගනුදෙනුවලට ඔබව නීත්‍යනුකූලව බැඳීමට හැකියාව ඇති බවත්; ඇ) Meta නිෂ්පාදන සඳහා ඔබේ ප්‍රවේශය සහ/හෝ භාවිතය තනිකරම හෝ මූලික වශයෙන් ව්‍යාපාරික හෝ වාණිජ අරමුණු සඳහා වන අතර, පුද්ගලික, පවුලේ හෝ ගෘහාශ්‍රිත අරමුණු සඳහා නොවන බවත් ඔබ ප්‍රකාශ කරන අතර සහතික වේ.
ඔබ ගෙවීම් විශේෂාංගයක් භාවිත කරන විට, අප ඔබේ ගෙවීම්, ගනුදෙනු හෝ ඔබේ ගිණුම සම්බන්ධ ඕනෑම වැදගත් තොරතුරක් විද්‍යුත් වශයෙන් ඔබ සමඟ සන්නිවේදනය කළ හැකි බවට ඔබ එකඟ වේ.
ඔබේ මූල්‍ය තොරතුරුවල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම අපට වැදගත් වේ. අදාළ සේවා සඳහා, අප බෙදාගන්නා තොරතුරු මොනවා ද, අප බෙදා නොගන්නා දේ සහ අපි ඔබේ තොරතුරු සුරක්ෂිතව තබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා කරුණාකර Meta Platforms Inc. පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය (https://www.facebook.com/about/privacy), Meta Payments Inc. පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය මෙන්ම Facebook Payments International Limited පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය සමාලෝචනය කරන්න.
- ලද හැකි ගෙවීම් විශේෂාංග. Meta නිෂ්පාදන තුළ හෝ ඒවා හරහා සහ Meta විසින් ලබා දෙන අනෙකුත් නිෂ්පාදන (සාමූහිකව, “Meta නිෂ්පාදන”) සහ/ හෝ මෙහි අර්ථ දක්වා ඇති පරිදි එහි ගෙවීම් හවුල්කරුවන් හරහා ගෙවීම් මෙවලම් එක් කිරීමට හා ගබඩා කිරීමටත්, ගනුදෙනු ආරම්භ කිරීමට, පිළිගැනීමට සහ කළමනාකරණය කිරීමටත්, ඒ ආශ්රිත කාර්යයන් සිදු කිරීමටත් ඉඩ සලසන තාක්ෂණය Meta විසින් ලබා දෙන අතර, ඒ සියල්ල “ගෙවීම් විශේෂාංග” වේ.
- ගෙවීම් ගනුදෙනු. ඔබ ගෙවීම් විශේෂාංගයක් භාවිත කරන විට, ඔබ මෙම ගෙවීම් නියමයන්ට බැඳී සිටීමට සහ වලංගු ගෙවීම් උපකරණයක් සැපයීමට එකඟ වේ. ඔබ ඔබේ ගිණුමට ඔබේ ගෙවීම් උපකරණය සාර්ථකව එක් කළ විට (පහත II වැනි වගන්තිය බලන්න), ඔබට Meta නිෂ්පාදන ඔස්සේ ගෙවීම් විශේෂාංග භාවිතයෙන් ගෙවීම් ගනුදෙනුවක් ආරම්භ කළ හැකි ය, නැතහොත් අප විසින් ඔබේ අවසරය මත පදනම්ව ඔබ වෙනුවෙන් ගෙවීම් ගනුදෙනුවක් ආරම්භ කරනු හැකි ය. ලැබියපැහැදිලි කිරීමක් ලෙස, ගෙවීම් මෙවලමකට ක්‍රෙඩිට් කාඩ්පතක්, ඩෙබිට් කාඩ්පතක්, බැංකු ගිණුම් අංකයක් සහ Meta විසින් කලින් කලට ප්රකාශිතව අවසර දී ඇති පරිදි ඉලෙක්ට්‍රොනික මුදල් මාරු කිරීම්, හර කිරීම් සහ බැර කිරීම් සිදු කළ හැකි වෙනත් ගෙවීම් ක්‍රම ඇතුළත් වේ
- සැකසීම සහ පියවීම. ඇතැම් ගෙවීම් විශේෂාංග ඩිජිටල් පසුම්බි, ගෙවීම් ආරම්භ කිරීමේ සේවා සැපයුම්කරුවන් හෝ බැංකු (පොදුවේ “ගෙවීම් හවුල්කරුවන්” ලෙස හැඳින්වේ) ඇතුළුව නමුත් ඒවාට පමණක් සීමා නොවූ, තෙවන පාර්ශ්වීය ගෙවීම් සේවා සැපයුම්කරුවන් විසින් ලබා දීමට හෝ සකස් කරනු ලැබීමට ඉඩ ඇත. Meta විසින් සකස් කරන ලද ගෙවීම් හැර, ගෙවීම් හවුල්කරුවන් විසින් සපයනු ලබන ගෙවීම් විශේෂාංග සම්බන්ධයෙන් Meta ආයතනය පරිශීලක අරමුදල් රඳවා තබා ගැනීමක් හෝ ගෙවීම් ආරම්භ කිරීමක් හෝ සැකසීමක් සිදු නොකරයි. පියවීමේ කාල, ගාස්තු, සංචිත, ආපසු අය කිරීම්, ප්රතිවර්තන සහ මුදල් ආපසු ගෙවීම් අදාළ වන පරිදි හවුල්කාර නියමයන්, ගෙවීම් ජාල නීතිරීති, හෝ ඔබේ ගෙවීම් උපකරණ නිකුත් කරන්නාගේ, පසුම්බි සපයන්නාගේ හෝ බැංකුවේ නියමයන් මගින් පාලනය විය හැකි ය. ඔබේ ගෙවීම් විශේෂාංග භාවිතය ඔබ මෙම ගෙවීම් නියමයන් සහ, අදාළ වන අවස්ථාවල දී, ගෙවීම් හවුල්කරුවන්ගේ නියමයන් (“හවුල්කරුගේ නියමයන්”) පිළිගැනීම තහවුරු කරයි. හවුල්කරුගේ නියමයන් සහ මෙම ගෙවීම් නියමයන් අතර කිසියම් ගැටුමක් ඇති වන අවස්ථාවක දී, හවුල්කරුගේ නියමයන් එම ගෙවීම් හවුල්කරු සමඟ ඇති ඔබේ සම්බන්ධතාව පාලනය කරන අතර, අප සමග පවතින ඔබේ සබඳතාව මෙම ගෙවීම් නියමයන් මගින් පාලනය වේ.
- ලද හැකි ගෙවීම් උපකරණ. ඔබේ පහසුව සඳහා, ක්‍රෙඩිට් කාඩ්පත්, ඩෙබිට් කාඩ්පත්, සහ Facebook තෑගි කාඩ්පත් වැනි විවිධ ගෙවීම් උපකරණ ගණනාවක් භාවිත කර ඔබේ ගනුදෙනු සඳහා මුදල් සැපයීමට අප ඔබට ඉඩ දිය හැකි ය. කලින් කලට අවසර ලත් ගෙවීම් ක්‍රම (උදා: ක්‍රෙඩිට් කාඩ්පත්) එක් කිරීමේ හෝ ඉවත් කිරීමේ අයිතිය අපි රඳවා ගන්නෙමු. ඔබට ඔබේ ගෙවීම් උපකරණ ගබඩා කළ හැකි අතර, ඔබට ඕනෑම වේලාවක අදාළ සැකසුම් හරහා ඔබේ ගිණුමට හෝ ගිණුම වෙතින් ගෙවීම් උපකරණ එක් කිරීමට, යාවත්කාලීන කිරීමට හෝ ඉවත් කිරීමට හැකි ය. ඔබේ ගබඩා කර ඇති ගෙවීම් උපකරණය/උපකරණ යාවත්කාලීනව තබා ගැනීමට ඔබ එකඟ වේ. අප කාඩ්පත් ගිණුම් යාවත්කාලීන කිරීමේ සේවාවකට සහභාගී වන්නේ නම්, ඔබේ ගෙවීම් උපකරණය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට සහ ඔබේ ගිණුම් අංකය හෝ කල් ඉකුත්වන දිනය ඇතුළුව ඔබේ ගෙවීම් උපකරණ ස්වයංක්‍රීයව යාවත්කාලීන කිරීමට ඔබේ ගෙවීම් උපකරණ නිකුත් කරන්නා හෝ ගෙවීම් ජාලය සම්බන්ධ කර ගැනීමට, එවැනි තොරතුරු තිබේ නම්, ඔබ අපට බලය ලබා දෙයි.
- බලය පැවරීම. ගනුදෙනුවක් සඳහා අරමුදල් සැපයීමෙන් හෝ අපට හෝ අපගේ තෙවන පාර්ශ්වීය සේවා සපයන්නන්ට ගෙවීම් උපකරණයක් සැපයීමෙන්: (i) ඔබ එම ගෙවීම් උපකරණය භාවිත කිරීමට බලයලත් අයෙකු බව, හෝ වෙනත් පුද්ගලයෙකුට එය භාවිත කිරීමට ඔබ බලය ලබා දී ඇති බව තහවුරු කරයි; තව ද (ii) ගනුදෙනු, මුදල් ආපසු ගෙවීම්, ගැළපීම්, ගාස්තු, ආපසු අය කර ගැනීම් (තිබේ නම්), ප්රතිවර්තනය කිරීම් (තිබේ නම්) සහ ඔබ ගෙවිය යුතු අනෙකුත් මුදල් ප්‍රමාණයන් සැකසීම සඳහා, සම්පූර්ණ මුදල දක්වා ඔබේ ගෙවීම් උපකරණ(ය) වෙතින් අය කිරීමටත්, ඔබේ ගෙවීම් උපකරණ(ය) වෙත හර කිරීමට, බැරකිරීමට හෝ ඇතුළත් කිරීම් ආරම්භ කිරීමටත් ඔබ අපට (සහ අපගේ තෙවන පාර්ශ්වීය සේවා සපයන්නන්ට) බලය පවරයි.
- අදාළ ගාස්තු. මුදල් පරිවර්තනය, සැකසීම, ජාලය, බැංකු අතර හුවමාරුව හෝ ගනුදෙනු ගාස්තු වැනි ගෙවීම් උපකරණ (අදාළ නම්) භාවිතය සම්බන්ධයෙන් අය කරන කිනම් හෝ ගාස්තුවක් සඳහා ඔබ වග කිව යුතු ය. තෙවන පාර්ශ්වයන් විසින් මෙම ගාස්තු අය කරනු ලැබිය හැකි ය. තව ද ඔබ ආපසු අය කිරීම් සහ ඒ ආශ්රිත ගාස්තු, සහ මුදල් ආපසු ලබා ගැනීම සඳහා ද වගකිව යුතු අතර අප විසින් ආපසු අය කිරීම්, ගාස්තු, දඩ මුදල්, දඬුවම් ගාස්තු, තක්සේරු කිරීම් සහ වෙනත් ආශ්රිත වියදම් ඔබට ගෙවිය යුතු මුදල්වලින් හෝ ඔබේ ගිණුම හර කිරීමෙන් පියවනු ලැබිය හැකි ය.
- ගෙවීම් උපකරණ තොරතුරු. Meta වෙත හෝ ඒ හරහා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය ඔබේ ගෙවීම් උපකරණය හා සම්බන්ධ නිවැරදි තොරතුරු සැපයීමේ වගකීම සපුරා ම ඔබ සතු වේ. ඔබේ ගෙවීම සැකසීමට අවශ්‍ය පරිදි ඔබේ ගෙවීම් උපකරණ විස්තර සහ අනෙකුත් තොරතුරු බෙදා ගැනීමට ඔබ අපට අවසර දෙයි. තව ද, වෙනත් අදාළ ගනුදෙනු තොරතුරු සමඟ එම ගෙවීම් උපකරණ රැස් කිරීමට සහ ගබඩා කිරීමට ඔබ අපට අවසර දෙයි.
- ආපසු ගෙවීම්. අප ඔබට ගෙවිය යුතු ඕනෑම ආපසු ගෙවීමක් ඔබ මුල් ගෙවීම් ගනුදෙනුව සඳහා භාවිත කළ ගෙවීම් උපකරණයට ම බැර කළ හැකි ය. මුදල් ආපසු ගෙවීමක් සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට, ඔබේ මුදල් ආපසු ගෙවීම වෙනත් ගෙවීම් උපකරණයකට බැර කිරීමට හෝ ඔබේ ගිණුමට හෝ අප හෝ තෙවන පාර්ශවීය වෙළෙන්දා සුදුසු යැයි සලකන වෙනත් ක්‍රම මගින් නිෂ්පාදන ණයක් (උදා: වෙළඳ දැන්වීම් ණය) ලබා දීමට අපට අයිතිය ඇත.
- පූර්ව අනුමැතියෙන් මුදල් රඳවා ගැනුම. ඔබ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවන්නේ නම්, අපට ඔබේ ගෙවීමේ සම්පූර්ණ මිල තරම් ඉහළ අගයක් සඳහා, කාඩ්පත නිකුත් කරන්නාගෙන් පූර්ව අනුමැතියක් ලබා ගත හැකි ය. එවැනි පූර්ව අනුමැතියක් ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත හෝ ඔබේ ඩෙබිට් කාඩ්පත හා සම්බන්ධ ගිණුමේ මුදල් "රඳවා තබා ගැනීමක්" ලෙස දිස් විය හැකි ය. ගෙවීමක් ආරම්භ කරන අවස්ථාවේ දී හෝ ඉන් ටික වේලාවකට පසු ඔබේ කාඩ්පතෙන් මුදල් අය කෙරේ. ඔබ ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමට පෙර අවලංගු කළහොත්, මෙම පූර්ව අනුමැතිය ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබේ ගෙවීම් උපකරණ නිකුත් කරන්නා විසින් රඳවා තබා ගැනීම නිදහස් කරන තෙක් ඔබට ණය හෝ මුදල් ක්ෂණිකව ලබා ගත නොහැකි වීමට ඉඩ ඇත.
- අසාර්ථක ගෙවීම්. ණය සීමාව ඉක්මවා යාම හෝ ඔබේ ගිණුමේ ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම හේතුවෙන් ඔබේ ගෙවීම් උපකරණය නිකුත් කරන්නාගෙන්, බැංකුවෙන් හෝ තෙවන පාර්ශ්වයකින් අධිභාරයක් හෝ වෙනත් ගාස්තුවක් අය වුවහොත්, ඔබේ ගෙවීම් උපකරණය නිකුත් කරන්නා හෝ බැංකුව විසින් ඔබෙන් ගාස්තුවක් අය කළ හැකි අතර, එම ගාස්තුවේ වගකීම සපුරා ම ඔබ සතු වේ.
- මිලකරණය. ඔබේ මුළු මිලට බදු, ගාස්තු සහ ප්‍රවාහනය කිරීමේ වියදම් හෝ ඒවායේ ඇස්තමේන්තු ඇතුළත් විය හැකි බැවින් ගනුදෙනුවේ විස්තර කෙරෙහි අවධානය යොමු කරන්න, ඒ සියල්ල ගෙවීමට ඔබ බැඳී සිටී. අදාළ වන පරිදි, කලින් කලට අපගේ මිලකරණය, ගාස්තු, පිරිවැය සකස් කිරීමේ අයිතිය අප සතු වන අතර එවැනි ගැළපුම් කිරීම්වලට පෙර අපි දැනුම් දෙන්නෙමු. ඔබ එවැනි ගැළපුම් කිරීම් සමග එකඟ නොවන්නේ නම්, ඔබේ මීළඟ බිල්පත් චක්‍රයට පෙර අදාළ මුදල් ගෙවූ Meta නිෂ්පාදන භාවිතය නවත්වන්න.
- බදු බදු සහ අනුකූලතා අරමුණු සඳහා ඔබ සහ ඔබේ ව්‍යාපාරය පිළිබඳ සත්‍ය සහ නිවැරදි තොරතුරු අප වෙත ලබා දීමට ඔබ බැඳී සිටී. බදු සහ අනුකූලතා අරමුණු සඳහා ඔබ හෝ ඔබේ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු අපට තෙවන පාර්ශවයන්ගෙන් ලබා ගත හැකි ය.
- නිර්වචන. මෙහි භාවිත කර ඇති පරිදි: (1) "බදු" යන්නෙන් අදහස් කරනුයේ ඕනෑ ම ෆෙඩරල්, ප්‍රාන්ත, ප්‍රාදේශීය හෝ විදේශීය රාජ්‍ය අධිකාරියක් විසින් පනවනු ලබන සියලු ම අදාළ බදු, තීරුබදු, ආනයන බදු, සහ අනෙකුත් ඒ හා සමාන රජයේ ගාස්තු වේ, මීට පහත සඳහන් දෑ ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ: විකුණුම් සහ පරිශීලනයේ බදු; එකතු කළ අගය මත බද්ද (VAT); භාණ්ඩ හා සේවා බදු (GST); සුරා බදු; සහ දළ ලැබීම් මත බද්ද; රඳවා ගැනීමේ බදු; ආනයන සහ අපනයන තීරුබදු; සහ ඒ හා සම්බන්ධ ඕනෑ ම පොලියක්, දඩ මුදල් හෝ දඩ. සැකය දුරු කිරීම සඳහා: "බදු" යන්නට පාර්ශ්වයන් දෙකෙන් කවරෙකුගේ හෝ ශුද්ධ ආදායම, ව්‍යාපාරික බදු, හෝ ව්‍යාපාර සහ වෘත්තීන් මත පදනම් වූ බදු ඇතුළත් නොවේ; තව ද (2) "රඳවා ගැනීමේ බද්ද" යන්නෙන් අදහස් කරනුයේ, අදාළ නීතියට අනුව එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට කරනු ලබන ගෙවීම්වලින් අඩු කර ගෙන හෝ රඳවා ගෙන අදාළ රාජ්‍ය අධිකාරිය වෙත ප්‍රේෂණය කිරීමට බැඳී සිටින ඕනෑ ම බද්දකි.
- වගකීම්. නීතියට අනුකූලව අප, අපගේ ගෙවීම් හවුල්කරුවන් හෝ වෙළෙන්දා මඟින් බදු එකතු කර ප්‍රේෂණය කරනු ලබන අවස්ථාවල දී හැර, ඔබේ ගනුදෙනු හා සම්බන්ධ බදු සඳහා ඔබ වගකිව යුතු ය. අදාළ අවස්ථාවන්හි දී බදු ගණනය කිරීමට, එකතු කිරීමට සහ ප්‍රේෂණය කිරීමටත්, ඔබ හෝ තෙවැනි පාර්ශ්වීය වෙළෙන්දා විසින් ලබා දෙන තොරතුරු මත විශ්වාසය තබා කටයුතු කිරීමටත් ඔබ අපට, අපගේ ගෙවීම් හවුල්කරුවන්ට සහ තෙවැනි පාර්ශ්වීය වෙළෙන්දාට අවසර ලබා දෙයි. ඔබට අදාළ වන්නේ නම්, බදු වාර්තා කිරීම හෝ රඳවා ගැනීමේ බදු බැඳීම් සම්පූර්ණ කිරීමට අවශ්‍ය තොරතුරු අප විසින් ඉල්ලා සිටිය හැකි අතර, ඒවා ලබා දීමට ඔබ එකඟ වේ. නීතියෙන් නියම කර ඇති අවස්ථාවල දී, අප විසින් ඔබේ ගනුදෙනු ක්‍රියාකාරකම් බදු බලධාරීන් වෙත වාර්තා කිරීමටත්, ගෙවීම්වලින් බදු රඳවා ගැනීමටත් ඉඩ ඇත. ඉන්වොයිස් කරන ලද මුදල් සහ ඔබ විසින් ගෙවිය යුතු අනෙකුත් සියලු ම මුදල් ප්‍රමාණයන් මුදල්, බදු ඇතුළු නමුත් ඒවාට පමණක් සීමා නොවී, අදාළ වන කිනම් හෝ බදු, තීරුබදු, අයබදු, හෝ වෙනත් රජයේ ගාස්තුවකින් බැහැර වේ. අදාළ නම්, මෙම බදු ඔබේ ඉන්වොයිසිය මත වෙන වෙනම නිරූපණය කෙරේ.
- තෙවන පාර්ශ්වීය සේවා සැපයුම්කරුවන්. ඔබ ගෙවීම් සිදු කිරීම සඳහා තෙවන පාර්ශ්වීය IAP (යෙදුම තුළ මිල දී ගැනීම) සේවාවන් භාවිත කරන්නේ නම්, එම තෙවන පාර්ශවීය සේවා සපයන්නා විසින් ඔබ සමඟ ඇති ඔවුන්ගේ අදාළ නියමයන් සහ කොන්දේසිවලට අනුකූලව තීරණය කරනු ලබන ගාස්තු සහ බදු ද අදාළ ගනුදෙනු මුදල සමඟ ඔබට පෙන්වනු ලැබේ.
- අමතර නියමයන්. ඔබ වෙත අමතර නියමයන් ඉදිරිපත් කරනු ලැබිය හැකි ය (ප්‍රකාශිත භාණ්ඩ සඳහා ප්‍රවාහනයට භාර දීමේ නියමයන් වැනි). ගනුදෙනුව කරගෙන යාමෙන් හෝ තහවුරු කිරීමෙන්, එම අමතර නියමයන්ගෙන් එම ගනුදෙනුව පාලනය වන බවට ඔබ එකඟ වේ.
- විදේශ විනිමය. ඔබේ ගනුදෙනුව සඳහා ෆියට් සහ ක්‍රිප්ටො මුදල් ඇතුළුව ව්‍යවහාර මුදල් හුවමාරුවක් අවශ්‍ය නම්, අපි බාහිර වෙළෙන්දෙකු හෝ වැඩි දෙනෙකු විසින් ලබා ගන්නා ලද නවතම විදේශ විනිමය අනුපාතිකය භාවිත කරන්නෙමු. අදාළ වන විට, වර්තමාන විනිමය අනුපාතිකය සමග අපගේ වෙළෙන්ඳන්ගේ ගොනු අපි අපගේ පද්ධතියට දිනපතා උඩුගත කිරීමට අරමුණු කරමු. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලි කිසියම් හේතුවක් නිසා ප්‍රමාද වීමට හෝ අසාර්ථක වීමට ඉඩ ඇත. මෙය සිදු වුවහොත්, භාවිත වන විදේශ විනිමය අනුපාතික වන්නේ සාමාන්‍යයෙන් පෙර දිනයේ, අවසන් වරට ලැබුණු ගොනුවේ ඇති ඒවා වේ. ඕනෑම අවස්ථාවක ඕනෑම හේතුවක් නිසා ඕනෑම මුදල් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය අප සතු ය.
- ග්රාහකත්වයන්. ඔබ අපෙන් ස්වයංක්‍රීයව පුනරාවර්තන ආවර්ත ග්‍රාහකත්වයක් මිල දී ගන්නේ නම්, ඔබ අපට අදාළ ග්රාහකත්ව නියමයන් අනුව සහ ඔබ ඔබේ ග්‍රාහකත්වය අවලංගු කරන තෙක් ඔබේ ගෙවීම් උපකරණයෙන් වහාම මුදල් අය කර ගැනීමට ද පසුව නැවතත් එක් එක් ග්රාහකත්ව කාල සීමාව ආරම්භයේ දී, මුදල් අය කර ගැනීමට ද බලය ලබා දෙයි. අවලංගු කිරීම් ඊළඟ බිල්පත් කාල සීමාවට අදාළ වනු ඇත. ඔබේ ග්රාහකත්වයේ නියමවල වෙනත් ආකාරයකින් දක්වා ඇති ඒවා හැර, Meta නිෂ්පාදන ඔස්සේ ගෙවීම් සේවා භාවිතයෙන් මිල දී ගත් ග්රාහකත්වයන් සඳහා පහත නියමයන් අදාළ වේ:
- නොමිලේ අත්හදා බැලීමේ කාල සීමාවක් පිරිනමනු ලබන්නේ නම් ද ඔබ එම නොමිලේ අත්හදා බැලීමේ කාල සීමාව තුළ අවලංගු නොකරන්නේ නම් ද නීතියෙන් අවශ්‍ය නම්, ඔබ කිසියම් කැමැත්තක් ලබා දී ඇත්නම් ද, නොමිලේ අත්හදා බැලීමේ කාල සීමාව අවසානයේ සහ එක් එක් පසුකාලීන ග්රාහකත්ව කාලය ආරම්භයේ දී ඔබෙන් මුදල් අය කරනු ලැබේ. කිසිදු ගාස්තුවක් අය වීම වළක්වා ගැනීමට, අත්හදා බැලීමේ කාලය අවසන් වීමට පෙර අවලංගු කළ යුතු ය.
- ඔබ අවලංගු කරන තෙක් අපි ඔබේ ගෙවීම් අක්තපත්රවලින් සෑම ග්රාහකත්ව කාලසීමාවක ම දිගටම අය කිරීම සිදු කරන්නෙමු. ඔබේ මීළඟ ග්රාහකත්ව ගෙවීම අය කරනු ලැබීම වැළැක්වීමට, ඔබ ඔබේ මීළඟ කාලසටහන්ගත ගෙවීම් දිනට අවම වශයෙන් පැය 24කට පෙර අවලංගු කළ යුතු ය.
- ඔබ ග්‍රාහකත්වයක් අවලංගු කළහොත්, ග්රාහකත්ව කාලය අවසන් වනතුරු ඔබ ග්‍රාහකත්වය ලබා ගත් යෙදුමට හෝ විශේෂාංගයට ඔබට තවමත් ප්‍රවේශය ඇත. දෝෂයක් ඇති වූ විට හෝ වෙනත් ආකාරයකින් අදාළ ග්රාහකත්ව නියමවලින් දක්වා ඇති පරිදි හැර, වත්මන් බිල්පත් කාල සීමාව සඳහා ඔබට මුදල් ආපසු නොලැබෙනු ඇත.
- ඔබ ග්‍රාහකත්වයක් මිල දී ගන්නා විට, ඔබ ග්රාහක වීමට එකඟ වූ අවස්ථාවේ දී අදාළ වන ගාස්තුවට ඔබෙන් මුලින් අය කරනු ලැබේ. ග්රාහකත්වයේ මිල පසුව වැඩි වුවහොත්, අපි ඔබට දන්වන්නෙමු. නීතියෙන් නියම කර ඇති පරිදි ඔබට පූර්ව දැනුම්දීමක් ලබා දී ඇත් නම්, වෙනස සිදු කිරීමට අවම වශයෙන් දින 10කට පෙර ඔබට දැනුම්දීමක් ලබා දී ඇත්නම්, දැනුම්දීමෙන් පසු ඔබ ගෙවිය යුතු ඊළඟ ගෙවීම සඳහා වැඩි කිරීම අදාළ වේ. ඔබට ලබා දී ඇත්තේ අදාළ දැනුම්දීමේ කාල සීමාවට වඩා අඩු කාලයක් නම්, ඊළඟ ගෙවීමෙන් පසු ගෙවීම තෙක් මිල වැඩි කිරීම අදාළ නොවේ. ඔබ ග්‍රාහකත්වයක් සඳහා වැඩි කළ මිල ගෙවීමට අකමැති නම්, ඔබට අදාළ ග්රාහකත්ව නියමවල හෝ උපකාරක මධ්‍යස්ථානයේ විස්තර කර ඇති ආකාරයට ග්‍රාහකත්වය අවලංගු කළ හැකි ය.
- මෙම 5 වැනි වගන්තිය කිසිදු Meta නිෂ්පාදනයක් හරහා තෙවන පාර්ශ්වයකින් මිල දී ගත් ග්රාහකත්වයන් සඳහා අදාළ නොවේ. අවලංගු කිරීම, ග්රාහකත්ව කාලසීමාව යනාදිය ඇතුළුව එවැනි ඕනෑම ග්රාහකත්ව නියමයක් ඔබ සහ ඔබ ඔබේ ග්‍රාහකත්වය මිල දී ගත් තුන්වන පාර්ශවය අතර පවතින අතර ඔබේ ග්‍රාහකත්වයට අදාළ ඕනෑම ප්‍රශ්නයක් සඳහා ඔබ විසින් Meta නොව එම තෙවන පාර්ශවය සම්බන්ධ කර ගත යුතු ය. ඉහත පටහැනිව කුමක් සඳහන් වුව ද, Meta නිෂ්පාදන භාවිත කරන විට සහ Meta නිෂ්පාදන සමග ඒකාබද්ධ කර ඇති Apple යෙදුම තුළ මිලට ගැනීමේ (“Apple IAP”) ක්‍රියාකාරිත්වය භාවිතයෙන් මිල දී ගැනීමක් සිදු කරන විට, Apple IAP භාවිතයෙන් සිදු කරන ලද පුනරාවර්තන නොවන ගනුදෙනු ඇතුළුව ඕනෑම මිල දී ගැනීමක් සහ ගෙවීම් ගනුදෙනුවක් සඳහා ඔබ වෙනුවෙන් Apple, Inc. (“Apple”) වෙත ආපසු ගෙවීම ආරම්භ කිරීමට ඔබ මෙයින් Meta වෙත අයිතිය ලබා දෙයි. දෝෂ, ආරවුල්, හෝ පාරිභෝගික සේවා ගැටලු සහ වංචනික ගනුදෙනු හේතුවෙන් සිදු කරන ආපසු ගෙවීම් මීට ඇතුළත් වන නමුත් ඒවාට සීමා නොවේ. Meta විසින් අවශ්‍ය යැයි සැලකෙන තත්ත්වයන් යටතේ ආපසු ගෙවීම ආරම්භ කරනු ලැබේ. ඔබ වෙනුවෙන් Meta විසින් ආරම්භ කරන ලද සියලුම ආපසු ගෙවීම් Apple ආපසු ගෙවීමේ ප්‍රතිපත්ති සහ අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූල වේ. ඔබ වෙනුවෙන් Apple වෙත අප විසින් ආරම්භ කරන ලද ආපසු ගෙවීම්වල ප්‍රතිඵලයක් ලෙස සිදුවන කිසිදු අලාභයක් හෝ හානියක් සඳහා Meta විසින් වගකියනු නොලබන බව ඔබ පිළිගෙන එකඟ වේ.
- වෙළඳ ප්‍රචාරණය/වෙනත් සේවා: ඔබ අපෙන් වෙළඳ දැන්වීමක් හෝ යම් යම් වෙනත් ව්‍යාපාරික සේවා මිල දී ගන්නේ නම්, එම සේවා සඳහා ගෙවීම් උපකරණවලින් අය කර ගැනීමට ඔබ අපට බලය ලබා දෙයි. අප විසින් මෙම සේවාවන් සඳහා අය කිරීමේ ක්‍රම එකක් හෝ කිහිපයක් හරහා ඔබගෙන් ගාස්තු අය කරනු ලැබිය හැක. ඒවා නම්: (අ) සේවාවන් සඳහා පූර්ව ගෙවීම් සිදු කිරීම; (ආ) අදාළ නියමිත දිනවල දී හෝ ඔබේ ගෙවීම් සීමාව හෝ සීමාව සපුරා ලූ විට ඔබගේ ගෙවීම් උපකරණ වෙත ස්වයංක්‍රීයව බිල්පත් නිකුත් කරන පසුගෙවුම් ක්‍රමය, නැතහොත් Meta වෙත ගෙවීමක් ආරම්භ කිරීමේ විකල්පය ඔබට තිබිය හැක; තව ද (ඇ) ඉන්වොයිසි දින සිට දින 30ක් ඇතුළත හෝ Meta නියමයන්හි වෙනත් ආකාරයකින් ප්‍රකාශ කර ඇති පරිදි ගෙවිය යුතු ශේෂය සඳහා ඔබට ඉන්වොයිසියක් නිකුත් කරන පසුගෙවුම් ක්‍රමය. ඇතැම් ගෙවීම් විකල්ප පුනරාවර්තීව හෝ ග්‍රාහකත්වය මත පදනම්ව සකසනු ලැබිය හැකි ය.
- පුද්ගලාන්තර මාරු කිරීම්. පුද්ගලයාගෙන් පුද්ගලයාට මුදල් යැවීම ("P2P") අපගේ තනි අභිමතය පරිදි ලබා ගත හැකි ය. ඔබ Messenger සේවාව තුළ P2P භාවිත කරන්නේ නම්, ඔබ පහත නියමයන්වලට එකඟ වේ:
- ඔබ වයස අවුරුදු 18ට අඩු නම් ඔබට P2P භාවිත නොකළ හැකි ය.
- ගනුදෙනුවක් සම්පූර්ණ කිරීම සඳහා ඔබ වැඩි විස්තර සැපයීමට අපට අවශ්‍ය විය හැකි ය.
- P2P ව්‍යාපාර, වාණිජ හෝ වෙළඳ ගනුදෙනු සඳහා භාවිත කිරීමට අදහස් නොකරන අතර ඕනෑම අවස්ථාවක අප විසින් දැනුම් දීමකින් තොරව එවැනි භාවිතය නතර කළ හැකි ය. ව්‍යාපාර, වාණිජ හෝ වෙළඳ භාවිතය පිළිබඳ සාක්ෂි අනාවරණය වුවහොත් අපි ඔබේ ගනුදෙනු ආපසු හැරවීමට හෝ රඳවා තබා ගැනීමට හෝ මුදල් සංචිතයේ තැබීමට හැකි ය.
- ඔබ P2P හුවමාරුවක් ලබා ගන්නේ නම් සහ පිළිගන්නේ නම්, එම ගෙවීම අවලංගු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාරු කරන ලද ගෙවීම් සහ තෙවන පාර්ශ්ව ගාස්තු සඳහා ඔබ අපට වගකිව යුතු ය. ප්රතිවර්තිත ගෙවීම් හෝ ඔබට හිමිකම් පෑමක් හෝ ආපසු අය කිරීමක් අහිමි වුවහොත් මෙයට ඇතුළත් නමුත් ඒවාට සීමා නොවේ. අදාළ නීතියෙන් අවසර දී ඇති සම්පූර්ණ ප්‍රමාණයට මුදල් රැස් කිරීම සඳහා ඔබේ ගෙවීම් උපකරණය අය කිරීමට හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපට අයිතියක් ඇත.
- P2P අදාළ නීතියට අනුකූලව භාවිත කළ යුතු අතර නීති විරෝධී හෝ නීතියෙන් තහනම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් භාවිත නොකළ යුතු ය. ඊට අමතරව, ඔබේ ස්ථානයේ ක්‍රියාකාරකම නීතිවිරෝධී ද යන්න නොසලකා පහත ක්‍රියාකාරකම්වලට අදාළ ගෙවීම් තහනම් වේ: (අ) ආයුධ, පතොරම් හෝ පුපුරණ ද්‍රව්‍ය; සහ (ආ) සූදුව, කුසලතා ක්‍රීඩා, ලොතරැයි, දිනුම් ඇදීම්, හෝ මනඃකල්පිත ක්‍රීඩා. නීතිවිරෝධී, නීතියෙන් තහනම් හෝ වෙනත් ආකාරයකින් තහනම් කර ඇති ගනුදෙනු වාර්තා වුවහොත් හෝ අනාවරණය වුවහොත්, ඔබට දැනුම් දීමකින් තොරව පහත සඳහන් දෑ ඇතුළුව, නමුත් ඒවාට සීමා වීමකින් තොරව පියවර ගැනීමට අපට අයිතියක් ඇත: ඔබේ ගනුදෙනුවලින් රඳවා ගැනීමක් සිදු කිරීම; ඔබේ මුදල් සංචිතයේ තැබීම; Meta නිෂ්පාදන හරහා ගෙවීම් විශේෂාංග භාවිත කිරීමට ඔබට ඇති හැකියාව සීමා කිරීම; ක්‍රියාකාරකම් බලධාරීන්ට පැමිණිලි කිරීම; නැතහොත් ඔබේ ගිණුම සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම.
- P2P භාවිතය ඔබේ සම්පූර්ණ අවදානමේ පවතින අතර මුදල්වල යටින් පවතින ගනුදෙනුව සඳහා වගකීම හෝ ඕනෑම මාරු ලබන්නෙකුගේ හෝ යවන්නෙකුගේ ක්‍රියා හෝ අනන්‍යතාවය සඳහා අපි කිසිදු වගකීමක් භාර නොගනිමු. මුදල් සම්බන්ධ ආරවුල් ඔබ සහ ගෙවීමක් යවන්නා අතර වේ. P2P ගනුදෙනුවකින් පසු යවන්නෙකු ආපසු අයකිරීමක් සඳහා හිමිකම් පෑමක් ගොනු කරන්නේ නම්, හිමිකම් පෑමේ සත්‍යතාව හෝ ගෙවීමේ නිශ්චය කිරීම පිළිබඳව අප වගකිව යුතු නොවේ.
- මිනසෝටා වාසිකයන්: P2P වෙතින් ඉවත් වීමට, කරුණාකර ඔබේ තේරීම පිළිබඳ ලිඛිත දැන්වීමක් යවන්න: Meta Payments Inc. (NMLS ID 918740), 1 Meta Way, Menlo Park, CA, 94025. P2P වෙතින් ඉවත් වීම Meta නිෂ්පාදන හරහා ගෙවීම් විශේෂාංග භාවිතයෙන් වෙනත් ගනුදෙනු කිරීමට ඔබට ඇති හැකියාව කෙරෙහි බලපෑ හැකි බව සලකන්න.
- එක්සත් ජනපදයේ සංවර්ධකයින් වෙත ගෙවීම්. අපි Meta නිෂ්පාදන හරහා අන්තර්ගත ලබා දෙන සමහර සංවර්ධකයින් සඳහා සීමිත ගෙවීම් රැස් කිරීමේ නියෝජිතයෙකු ලෙස සේවය කරන අතර, එම අන්තර්ගතය මිල දී ගැනීම සඳහා එම සංවර්ධකයින් වෙනුවෙන් ඔබෙන් ගෙවීම් භාර ගැනීමට අපට බලය ඇත. සංවර්ධකයෙකුගේ අන්තර්ගතය සඳහා වන ගණුදෙණු මිලෙහි ඔබේ සම්පූර්ණ ගෙවීම එම සංවර්ධකයාට ගෙවීමක් වන අතර මිල දී ගත් අන්තර්ගතය සඳහා එම සංවර්ධකයාට ඔබේ ගෙවීම් වගකීම් තෘප්තිමත් කරයි.
- යුරෝපීය ආර්ථික ප්‍රදේශයේ සංවර්ධකයින්ට ගෙවීම්. Meta නිෂ්පාදන හරහා අන්තර්ගත ඉදිරිපත් කරන සංවර්ධකයෙකුට ගෙවීමක් කිරීමට, ඔබ Meta නිෂ්පාදන හරහා ඩිජිටල් අන්තර්ගත මිල දී ගැනීමට පමණක් භාවිත කළ හැකි අප ඔබට සපයන ගිණුම භාවිත කළ යුතු ය. ඔබට ක්‍රෙඩිට් කාඩ්පතක්, ඩෙබිට් කාඩ්පතක් හෝ Facebook තෑගි කාඩ්පතක් වැනි විවිධ ගෙවීම් ක්‍රම භාවිතයෙන් මෙම ගිණුම පිරවිය හැකි ය. යුරෝපීය ආර්ථික ප්‍රදේශයේ Meta නිෂ්පාදන හරහා අන්තර්ගතය පිරිනමන සංවර්ධකයෙකුට ඔබ ගෙවීමක් කරන විට, මෙය නියාමනය කළ ගෙවීම් සේවාවක් නොවේ. එබැවින්, මෙම ගෙවීම් සේවාව සම්බන්ධයෙන්, නියාමනය කරන ලද ගෙවීම් සේවාවක් සපයා ඇති විට (උදා: අනවසර ගනුදෙනු සඳහා මුදල් ආපසු ගෙවීමේ හිමිකම්, මුදල් ආරක්ෂා කිරීම) අදාළ නියාමන රාමුව යටතේ ගෙවීම් සේවා භාවිත කරන්නන්ට ලබා ගත හැකි පාරිභෝගික ආරක්ෂාවෙන් ඔබට ප්රතිලාභ නොලැබෙන බව ඔබ පිළිගනී.
- පරිත්‍යාග. ඔබ Meta නිෂ්පාදන මත පුණ්‍ය ආයතනනයකට පරිත්‍යාගයක් සිදු කළහොත්, පහත නියමයන් අදාළ වේ:
- ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුළුව, PayPal Giving Fund (“PPGF”) වෙත කරන ලද පරිත්‍යාග. PPGF යනු ලියාපදිංචි කළ රාජ්‍ය පුණ්‍ය ආයතනයක් වන අතර, ඉන් අදහස් වන්නේ ඔබේ පරිත්‍යාගයන් ඍජුවම ඔබේ නම් කළ පුණ්‍ය ආයතනයට නොව PPGF වෙත සිදු කෙරෙනු ඇති බවයි. පරිත්‍යාගයන් සකස් කරනු ලබන්නේ PPFGF තෙවැනි පාර්ශ්වීය සේවා සැපයුම්කරු වන PayPal මගින් වන අතර PPGF නියම හා ප්‍රතිපත්තීන්ට යටත්ව අදාළ රටෙහි ලියාපදිංචි වූ PPGF ආයතනය මගින් ලබා ගැනේ. ඔබ Meta නිෂ්පාදන පිළිබඳ PPGF වෙත පරිත්‍යාගයක් කරන සෑම අවස්ථාවක ම ඔබ PPGF නියම හා ප්රතිපත්තීන් වෙත එකඟ වේ. ඔබ PPGF වෙත පරිත්‍යාගයක් සිදු කරන විට, PPGF විසින් ඔබේ පරිත්‍යාග මුදලේ අගයෙන් නම් කළ පුණ්‍යායතනයට අදාළ ප්‍රදානයක් කරන ලෙස ඔබ නිර්දේශ කරයි. PPGF විසින් ඔබ පරිත්‍යාග කරන මුදල් ඔබේ නම් කළ පුණ්‍යායතනයට එහි ප්‍රතිපත්ති හා අනුකූලව ප්රදානය කරනු ඇත. PPGF බදු වාර්තා සඳහා ඔබට නිල පරිත්‍යාග ලදුපතක් ඊමේල් මාර්ගයෙන් එවනු ඇත. අප PPGF හෝ ඔබේ නම් කළ පුණ්‍යායතනය සම්බන්ධයෙන් කිනම් හෝ නියෝජනයක් හෝ පිටසන් කිරීමක් සිදු නොකරන බවටත් PPGF හෝ ඔබේ නම් කළ පුණ්‍යායතනයේ ක්‍රියාවන් හෝ නොකර හැරීම් සම්බන්ධයෙන් වග නොකියන බවටත් ඔබ එකඟ වෙයි.
- ඔබ පරිත්‍යාගයක් කරන විට, ඔබ මෙම පරිත්‍යාගය පුණ්‍යමය ග්‍රාහකත්වයක් ලෙස කරන බව හා ඒ වෙනුවට ඔබට කිසිදු භාණ්ඩයක් හෝ සේවාවක් නොලැබෙන බවට ඔබ එකඟ වෙයි. බදු නීති ජනපදය සහ රට අනුව වෙනස් වන බැවින්, කරුණාකර ඔබේ පරිත්‍යාගයෙහි අවකරණය කළ හැකි බව පිළිබඳව බදු වෘත්තිකයෙකුගෙන් විමසන්න. පුණ්‍යායතනයක ලාභ නොලබන තත්ත්වය හෝ පරිත්‍යාගයකින් පැන නගින බදු ආශ්රිත ප්රතිලාභ හෝ අවකරණය කිරීම් සඳහා සුදුසුකම් සම්බන්ධයෙන් අපි කිසිදු නියෝජනයක් හෝ වගකීමක් ලබා නොදෙමු.
- නම් කළ පුණ්‍යායතනය අපගේ පුණ්‍ය පරිත්‍යාග නියම ඇතුළුව අපේ නියම හා ප්‍රතිපත්තිවලට අනුකූල වීමට අපොහොසත් වුවහොත් ඔබේ පරිත්‍යාගය සකස් කිරීම ප්රතික්ක්ෂේප කිරීමේ අයිතිය අප සතු වේ. අප පරිත්‍යාගයක් සැකසීම ප්‍රතික්ෂේප කළහොත්, PPGF නියමයන් සහ ප්‍රතිපත්තිවලට යටත්ව ඔබට මුදල් ආපසු ගෙවනු ලැබීමකට හිමිකම් ඇත.
- පරිශීලකයන් (“අරමුදල් සම්පාදක නිර්මාපකයන්”) විසින් පුණ්‍යායතනවලට ප්රතිලාභ ලබා දීම සඳහා අරමුදල් රැස් කිරීමේ ප්‍රචාරණ ව්‍යාපාර තැනිය හැකි ය. අරමුදල් සම්පාදක නිර්මාපකයෙකු අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයකට පරිත්‍යාග ගැළපීමට ප්‍රතිඥා දෙන්නේ නම්, අරමුදල් සම්පාදක නිර්මාපකයා පොරොන්දුව ඉටු කරන බවට අප සහතික නොවන බව ඔබ පිළිගනී. ඔබ එවැනි අරමුදල් රැස්කිරීමේ ප්‍රචාරණ ව්‍යාපාරයක් ඔස්සේ පුණ්‍යායතනයක් වෙත පරිත්‍යාග කරන්නේ නම්, එය ආපසු ගෙවීමේ ඕනෑම අයිතියක් ඇතුළුව PPGF නියමයන් සහ ප්‍රතිපත්ති වලට යටත් වේ.
- ඔබ PPGF වෙත පුනරාවර්තන පදනමක් මත පරිත්‍යාග කිරීමට එකඟ වන්නේ නම්, ඔබේ ගෙවීම් උපකරණය ගබඩා කිරීමට සහ PPGF ගෙවීම් සකසනය වන PayPal ඔස්සේ ඔබේ පරිත්‍යාග සැකසීමට ඔබ අපට බලය පවරයි. පළමු පරිත්‍යාගය සඳහා ඔබේ ගෙවීම් උපකරණයෙන් වහාම අය කරනු ලබන අතර, පසුව සෑම පුනරාවර්තන පරිත්‍යාග කාල පරිච්ඡේදයක ම ආරම්භයේ දී නැවත අය කරනු ලැබේ. ඔබ අවලංගු කරන තෙක් සෑම පුනරාවර්තන පරිත්‍යාග කාලසීමාවකටම ඔබේ ගෙවීම් උපකරණයෙන් ස්වයංක්‍රීයව අය කරනු ඇත, එය ඔබට ඕනෑම වේලාවක ඔබේ ගිණුම් සැකසුම් පිටුවේ කළ හැකි ය. ඔබේ මීළඟ පරිත්‍යාගය අය කරනු ලැබීම වළක්වා ගැනීමට, ඔබ ඔබේ ඊළඟ නියමිත පරිත්‍යාගයට අවම වශයෙන් පැය 24කට පෙර අවලංගු කළ යුතු ය.
- අප පුණ්‍යායතනය පිළිබඳ කිසිදු සහතික කිරීමක් හෝ නියෝජනයක් සිදු නොකරන අතර ඔවුන්ගේ ක්‍රියා හෝ නොකර හැරීම් සඳහා වගකිව යුතු නොවන බවට ඔබ එකඟ වේ.
- ඔබේ පරිත්‍යාගය සම්බන්ධ යම් යම් ගාස්තු ආවරණය කිරීමේ හැකියාව අපි ඔබට ලබා ගත හැකි බවට පත් කරන්නෙමු. එවැනි ගාස්තු ආවරණය කිරීමට ඔබ එකඟ වන තාක් දුරට, ඔබෙන් අය කරන මුළු මුදලට පරිත්‍යාග මුදල සහ එවැනි ගාස්තු යන දෙකම ඇතුළත් වේ.
- රඳවා තබා ගැනීමක් ඉල්ලීම. ඔබ Marketplace හි අයිතමයක් රඳවා තබා ගැනීමක් ඉල්ලන විට ("රඳවා ගැනීමක් ඉල්ලන්න"), අපි අයිතමයේ පිරිවැය ("රඳවා ගැනීමේ මුදල") මගින් තීරණය කරන ලද මුදලක් සඳහා ඔබ තෝරා ගත් ගෙවීම් ක්‍රමය නිකුත් කරන්නාගෙන් පූර්ව අනුමැතිය ලබා ගනිමු. විකුණුම්කරු අයිතමය විකුණා ඇති බව ලකුණු කළ විට, විකුණුම්කරු ඔබේ ඉල්ලීම පැය 24ක් තුළ පිළිගන්නේ නැතිනම් හෝ ඔබගෙන් එක් අයෙකුට අවලංගු කිරීමට අවශ්‍ය නම් ඔබේ රඳවා ගැනීමේ මුදල නැවත ඔබ වෙත මුදා හරිනු ඇත.
- වගකීම් නැත. කිසියම් නිශ්චිත නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා අප විසින් ලිඛිතව වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරනු ලැබ ඇත්නම් මිස, තෙවන පාර්ශ්වයන් විසින් විකුණනු ලබන ඔබ මිල දී ගෙන ඇති එම නිෂ්පාදන සහ සේවාවන් හැර, Meta නිෂ්පාදන මත හෝ ඒ හරහා සපයනු ලබන හෝ විකුණනු ලබන කිසිදු නිෂ්පාදනයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් අපි ප්‍රකාශිත හෝ ව්‍යංගිත කිසිදු වගකීමක් ලබා නොදෙමු. ගෙවීම් සේවා ඇතුළුව META නිෂ්පාදන හා සම්බන්ධ සේවා ඔබට ලබා දිය හැකි ඒවා ඇතුළුව තෙවන පාර්ශ්වයන්ගේ ක්‍රියා සඳහා META වග කිව යුතු නොවේ.
සේවා ක්‍රෙඩිට්. ක්‍රෙඩිට් මිල දී ගැනීම ("සේවා ක්‍රෙඩිට්") හරහා අප ඔබට ඇතැම් සේවාවන් සඳහා පෙරගෙවුම් කිරීමට ඉඩ දිය හැකි ය. එවැනි සේවා ක්‍රෙඩිට් මගින්, අදාළ වන අවස්ථාවන්හි දී, සේවා ක්‍රෙඩිට් කල් ඉකුත් වීමට පෙර සේවාවන් භාවිත කිරීම සඳහා ඔබ විසින් ගෙවා ඇති මුදල නිරූපණය වේ. මිල දී ගත් දින සිට වසර තුනකින් හෝ අදාළ නීතිය මඟින් ඉල්ලා සිටින අවම කාල සීමාවෙන් පසුව කල් ඉකුත් වන බවට සඳහන් කරන දැන්වීම් සඳහා වන සේවා ක්‍රෙඩිට් සම්බන්ධ නියමයන් ඇතුළුව එහෙත් ඒවාට පමණක් සීමා නොවන අමතර නියමයන් සේවා හෝ සේවා ක්‍රෙඩිට් සඳහා අදාළ විය හැකි ය. සේවා ක්‍රෙඩිට් ව්‍යාපාරික හෝ වාණිජ අරමුණු සඳහා පමණි.
සේවා ක්‍රෙඩිට් වලංගු මුදල් හෝ ව්‍යවහාර මුදල් නොවේ; එය මුදවා ගැනීමට, ආපසු ගෙවීමට (නීතියෙන් අවශ්‍ය විටෙක හෝ අපගේ නියමයන්හි වෙනත් ආකාරයකින් දක්වා ඇති විට හැර), හෝ ඕනෑම මුදලක් හෝ මුදල්මය වටිනාකමක් සඳහා හුවමාරු කළ නොහැකි ය; එයට ආඥාප්ති ව්‍යවහාර මුදල්වලින් සමාන වටිනාකමක් නොමැත; එය ආඥාප්ති ව්‍යවහාර මුදල් සඳහා ආදේශකයක් ලෙස භාවිත කළ නොහැකි ය; තව ද එමගින් ඔබට කිසිදු පුද්ගලික දේපළ අයිතියක් ස්ථාපිත කිරීමට හෝ ප්රදානය කිරීමට නොහැකි ය. Meta යනු ඩිජිටල් මුදල් පසුම්බියක හෝ අනාගත ගෙවීම් සඳහා මුදල් ගබඩා කිරීමේ පහසුකමක ක්‍රියාකරුවෙකු නොවන අතර විද්‍යුත් මුදල් නිකුත් කරන්නෙකු ද නොවේ. Meta බැංකුවක් නොවන අතර බැංකු සේවා සපයන්නේ නැත; ඒ අනුව, සේවා ක්‍රෙඩිට් පොලී උපයන්නේ නැත, ඒවාතැන්පතු බැඳීම් නොවේ, තව ද ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව, මූල්‍ය සේවා වන්දි යෝජනා ක්‍රමය හෝ රජයේ හෝ පෞද්ගලික යන කිනම් හෝ වෙනත් ආයතනයක් හෝ රක්ෂණ ක්‍රමයක් හෝ තැන්පතු ආරක්ෂණය මගින් රක්ෂණය කර නොමැත.
- Facebook තෑගි කාඩ්පත් ශේෂ. Meta නිෂ්පාදන හරහා තෑගි කාඩ්පත් ශේෂයක් ("තෑගි කාඩ්පත් ශේෂය") උත්පාදනය කිරීමට Facebook තෑගි කාඩ්පත් භාවිත කළ හැකි ය. එවිට ඔබට අපගේ වේදිකාවේ මෙම තෑගි කාඩ්පත් ශේෂය ගෙවීමේ ක්‍රමයක් ලෙස භාවිත කළ හැකි ය. තෑගි කාඩ්පත් ශේෂ සඳහා පහත නියමයන් අදාළ වේ:
- ඔබ තෑගි කාඩ්පතේ PIN අංකය ඇතුළත් කර www.facebook.com/giftcards/redeem හි “මුදා ගන්න” ක්ලික් කළහොත්, අපි තෑගි කාඩ්පතේ වටිනාකම ඔබේ තෑගි කාඩ්පත් ශේෂයට බැර කරන්නෙමු. ඔබ ඔබේ තෑගි කාඩ්පතෙහි PIN අංකය ඇතුළත් කළ පසු, ඔබට ලැබුණු අගය මුල් තෑගි කාඩ්පතට ප්‍රතිසාධනය කළ නොහැකි ය.
- ඉහත විස්තර කර ඇති පරිදි www.facebook.com/giftcards/redeem හි පරිවර්තනය කරන ලද සියලු තෑගි කාඩ්පත් වේදිකාවේ සංවර්ධකයින්ට ගෙවීම් කිරීමට පමණක් භාවිත කළ හැකි තෑගි කාඩ්පත් ශේෂ ඇති කරයි; ඔබේ තෑගි කාඩ්පත් ශේෂය ඔබ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන මුදල් ගනුදෙනු සඳහා යොදනු ලබන අතර, ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමට ඔබේ තෑගි කාඩ්පත් ශේෂය ප්‍රමාණවත් නොවේ නම්, වෙනස ආවරණය කිරීම සඳහා අමතර ගෙවීමේ ක්‍රමයක් තෝරා ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. කෙසේ වෙතත්, ඇතැම් ක්‍රීඩා තුළ පරිවර්තනය කරන ලද තෑගි කාඩ්පත්, එම ක්‍රීඩාව තුළ පමණක් හෝ එම සංවර්ධකයාගේ වෙනත් ක්‍රීඩා තුළ පමණක් භාවිත කළ හැකි වටිනාකමක් ඇති කළ හැකි ය.
- අපි බැංකුවක් නොවෙමු, එබැවින් තෑගි කාඩ්පත් ශේෂය තැන්පතු නොවන අතර ඒවා පොලී උපයන්නේ නැත. ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව, මූල්‍ය සේවා වන්දි යෝජනා ක්‍රමය හෝ, රජයේ හෝ පෞද්ගලික යන දෙකින් කවරක් හෝ වන, වෙනත් ඕනෑම ආයතනයක් හෝ රක්ෂණ යෝජනා ක්‍රමයක් මගින් තෑගි කාඩ්පත් ශේෂ රක්ෂණය කර නොමැත.
- අපි තෑගි කාඩ්පත් තෑගි කාඩ්පත් ශේෂ බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය, හෝ ඔබට ඔබේ තෑගි කාඩ්පත් ශේෂය භාවිත කළ හැකි ක්‍රම, නීතියෙන් අවසර දී ඇති සම්පූර්ණ ප්‍රමාණයට පූර්ව දැනුම්දීමකින් තොරව අවශ්‍ය යැයි හැඟෙන ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැකි ය.
- සමහර Facebook තෑගි කාඩ්පත්වල ප්‍රසාද දීමනා ඇත. තෑගි කාඩ්පත් ඇසුරුම්කරණයේ දක්වා ඇති පිරිනැමීම් කාල සීමාව තුළ සහභාගී වන Facebook තෑගි කාඩ්පතක් මුදා ගන්නා පාරිභෝගිකයින් සඳහා ප්‍රසාද දීමනා විවෘත වේ. ප්‍රසාද අයිතමය ලබා ගැනීමට, www.facebook.com/giftcards/redeem වෙත පිවිසෙන්න, විමසූ විට තෑගි කාඩ්පත් PIN අංකය ඇතුළු කරන්න, සහ ඔබේ අයිතමය ලබා ගැනීමට උපදෙස් අනුගමනය කරන්න. මෙම ප්‍රසාද දීමනා කල් ඉකුත්වීම පිළිබඳව අපි දැනුම් නොදෙමු. නොමිලේ දෙන තෑගි අයිතම වෙනස් විය හැකි ය; අයිතමවල සාමාන්‍ය සිල්ලර වටිනාකම ආසන්න වශයෙන් USD එක සිට පහළොව ($1-15) දක්වා පරාසයක පවතී. ප්‍රසාද දීමනා වෙනත් දීමනා සහ වට්ටම් සමඟ ඒකාබද්ධ කිරීම, හෝ හුවමාරු කිරීම, හෝ මුදල් සඳහා මුදවා ගැනීම නොකළ හැකි ය. වෙනත් නියමයන් සහ කොන්දේසි Facebook තෑගි කාඩ්පත් භාවිතය සඳහා බලපෑමට හැකි අතර, විස්තර සඳහා www.facebook.com; අඩවිය බලන්න.
- ඔබට ඔබේ තෑගි කාඩ්පත් ශේෂය හෝ එහි කිසිදු කොටසක් විකිණීම හෝ එහි කිසිදු කොටසක් Meta නිෂ්පාදනවලින් පිටත කිසිවකුට පැවරීම නොකළ හැකි ය.
- තෑගි කාඩ්පත් ශේෂ නීතියෙන් අවශ්‍ය නම් මිස අපෙන් කිසියම් මුදලක් හෝ මූල්‍ය වටිනාකමක් සඳහා මුදවා ගත නොහැකි ය.
- Facebook තෑගි කාඩ්පත් සහ තෑගි කාඩ්පත් ශේෂ කල් ඉකුත් නොවේ. කෙසේ වෙතත්, තෑගි කාඩ්පත් ශේෂ අපගේ අතහැර දැමූ දේපළ ප්රතිපාදනයට යටත් වේ (පහත III වගන්තියේ 6 වන කොටස බලන්න).
- නොගැළපීම. ඔබ භාවිත කිරීමට කැමති ගෙවීමේ ක්‍රමයට සහාය නොදක්වන යෙදුමක් හෝ විශේෂාංගයක් ඔබට යම් අවස්ථාවක හමු විය හැකි ය; කෙසේ වෙතත්, ඔබට වෙනත් ආකාරයේ ගෙවීම් උපකරණයක් (ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත්, හෝ මොබයිල් ක්‍රියාකරු බිල්පත් වැනි) තෝරා ගත හැකි ය.
- මොබයිල් බිල්පත්කරණය. මොබයිල් ක්‍රියාකරු බිල්පත්කරණය ඔබේ පහසුව සඳහා අප විසින් ලබා දී ඇති තවත් ගෙවීමේ ක්රමයකි. ඔබ මොබයිල් බිල්පත්කරණය ගෙවීමේ අක්තපත්‍රයක් ලෙස භාවිත කරන්නේ නම්, ඔබ පහත අදාළ විය හැකි අවදානම් සහ වෙනත් කොන්දේසිවලට එකඟ වේ:
- මොබයිල් බිල්පත්කරණ ගෙවීමේ ක්‍රමය තෝරා ගැනීමෙන්, ගෙවීම් සම්පූර්ණ කිරීම හෝ ආපසු හැරවීම, ආරවුල් විසඳීම, පාරිභෝගික සහාය සැපයීම හෝ බිල්පත් සම්බන්ධ වෙනත් ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සඳහා අප සහ ඔබේ මොබයිල් ක්‍රියාකරු ඔබ පිළිබඳ තොරතුරු හුවමාරු කර ගත හැකි බවට ඔබ එකඟ වේ.
- ඔබේ මොබයිල් සැලසුම් සේවාවට හෝ බිල්පත් කිරීමට සිදු වන කිනම් හෝ අය කිරීම්, ගාස්තු, වෙනස් කිරීම්, ඔබේ මොබයිල් උපාංගයේ වෙනස් කිරීම් හෝ මොබයිල් බිල්පත් භාවිතය හේතුවෙන් ඇති විය හැකි වෙනත් ප්‍රතිවිපාක සඳහා ඔබ වගකිව යුතු ය.
- ඔබ මොබයිල් බිල්පත්කරණය භාවිත කරන්නේ නම්, ඔබ මෙම ගෙවීම් නියමවලට පමණක් නොව, ඔබේ මොබයිල් ක්‍රියාකරුගේ නියම සහ කොන්දේසිවලටද බැඳී සිටී.
- ඔබේ මොබයිල් දුරකථන බිලෙහි දිස්වන අය කිරීම් හෝ ගාස්තු පිළිබඳව ඔබට ප්‍රශ්න ඇත්නම්, ඔබට ඔබේ මොබයිල් දුරකථන සැපයුම්කරුගේ පාරිභෝගික සේවා අංශය සම්බන්ධ කර ගත හැකි ය.
- සමහර විට, මොබයිල් බිල්පත්කරණය භාවිතය අපගේ පාලනයෙන් ඔබ්බට විවිධ තාක්ෂණික හේතු මත, ඔබට ආපසු ගෙවිය නොහැකි ගාස්තුවලට හේතු විය හැකි ය. මෙම අවස්ථාවල දී, ඔබට අනුග්‍රාහක ණයක් නිකුත් කිරීමට අපට අයිතියක් ඇති නමුත් වගකීමක් නොමැත.
- Boleto. ඔබ ගෙවීම් ක්‍රමයක් ලෙස Boleto භාවිත කරන්නේ නම්, ඔබ පහත අදාළ අවදානම් සහ වෙනත් කොන්දේසිවලට එකඟ වේ:
- ආපසු ගෙවීම්. තාක්ෂණික සීමා හේතුවෙන්, අපට මුදල් ආපසු ලබා දීමට හැකි වන්නේ බැංකු ගිණුමකට මාරු කිරීමෙන් පමණි. ඔබ Boleto සමඟින් මිල දී ගැනීමක් සිදු කර පසුව කිසියම් හේතුවක් නිසා මුදල් ආපසු ඉල්ලා සිටින්නේ නම්, මුදල් ආපසු ලබා ගැනීම සඳහා ඔබට බැංකු ගිණුමක් තිබිය යුතු ය. ආපසු ගෙවීමක් ඉල්ලා සිටින විට සපයනු ලබන බැංකු ගිණුම් තොරතුරු වෙළඳ දැන්වීම් ගිණුමේ ඇති තොරතුරු ම විය යුතු ය. ආපසු ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙහි ක්ලික් කරන්න.
- ආරක්ෂාව. ආරක්ෂක හේතු මත, හෝ ගෙවීම සැකසීමට සහ ඔබ ගෙවූ දේ ඔබට ලබා දීමට අවශ්‍ය සියලුම අදාළ තොරතුරු අප සතුව ඇති බවට සහතික කර ගැනීමට, අප ඔබේ මිල දී ගැනීම ප්‍රමාද කිරීමට හෝ සීමා කිරීමට ඉඩ ඇත.
- තොරතුරු. අප ඔබේ බදු හැඳුනුම්පත (CNPJ/CPF) ගබඩා කරන බවට ඔබ එකඟ වී කැමැත්ත ලබා දෙයි. බ්‍රසීල රජය විසින් සපයනු ලබන ෆෙඩරල් බදු හැඳුනුම්පත ලියාපදිංචි කිරීමේ දත්ත ගබඩාවෙන්, තෙවන පාර්ශ්ව සකසනයක් හරහි හරහා, ගෙවීම් සැකසීමට අවශ්‍ය, ඔබ පිළිබඳ අමතර තොරතුරු ලබා ගැනීමට අපි ඔබේ බදු හැඳුනුම්පත භාවිත කළ හැකි ය. අවශ්‍ය පරිදි අපි අවසන් බදු ලේඛන බ්‍රසීල රජයට යොමු කරන්නෙමු.
- ඔබ ඉන්දියාවේ වෙළඳ ප්‍රචාරකයෙකු නම් (රටට විශේෂිත වෙළඳ දැන්වීම් නියමවල අර්ථ දක්වා ඇති පරිදි) ඔබ විසින් Meta වෙත කරන ලද ගෙවීම් සඳහා ගාස්තු රහිත සමාන මාසික වාරික ගෙවීමේ විකල්පය භාවිත කරමින් ඇණවුමක් (ස්වයං-සේවා වෙළඳ දැන්වීම් නියමවල අර්ථ දක්වා ඇති) ඔබේ ක්‍රෙඩිට් සේවා වෙත එකතු කිරීමට, මෙම ගෙවීමේ විකල්පයට අදාළ නිශ්චිත නියමයන් සඳහා ඔබ මෙයින් එකඟ වේ: ගාස්තු නොමැති EMI නියමයන්.
- ඔබ බ්‍රසීලයේ වෙළඳ ප්‍රචාරණ ආයතනයක් නම්, ඔබට ඕනෑම තෙවන පාර්ශ්වයක් වෙනුවෙන් වෙළඳ ප්‍රචාරණය කිරීම සඳහා වෙළඳ දැන්වීම්කරුවෙකුට අප විසින් නිකුත් කරන ලද ණය මාර්ගයක් භාවිත කළ නොහැකි ය. වෙළඳ ප්‍රචාරණ ආයතන වෙත නිකුත් කරන ලද ණයවර මාලා වෙළඳ ප්‍රචාරණ ආයතනයට සෘජුවම භාවිත කළ හැක්කේ වෙළඳ ප්‍රචාරණ ආයතනයේ යහපත හෝ ප්‍රයෝජනය සඳහා පමණි.
- කැමැත්තෙන් භාවිත කරයි. (අ) අපගේ තනි අභිමතය පරිදි ඕනෑම වේලාවක Meta නිෂ්පාදන හරහා ගෙවීම් කිරීමට ඇති ඔබේ සුදුසුකම් අපි අවලංගු කළ හැකි ය. (ආ) ඕස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින් සහ කුඩා ව්‍යාපාර සඳහා, (i) ඔබ මෙම ගෙවීම් නියමයන් ද්‍රව්‍යමය වශයෙන් උල්ලංඝනය කර ඇත්නම් ඇතුළුව, සාධාරණව ක්‍රියා කරමින්, ඕනෑම වේලාවක Meta නිෂ්පාදන හරහා ගෙවීම් කිරීමට ඇති ඔබේ සුදුසුකම්; (ii) එසේ කිරීමට අපට නීතියෙන් හෝ නියාමන අධිකාරියකට අවශ්‍ය වේ නම්; හෝ (iii) අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා ආරක්ෂා කිරීම සාධාරණ ලෙස අවශ්‍ය නම් අප අවලංගු කළ හැකි ය.
- විමසීම්. Meta නිෂ්පාදන හරහා ගෙවීම් විශේෂාංග භාවිත කිරීමෙන්, අපි ඔබේ අනන්‍යතාවය සහ ණය සඳහා සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් සෘජුව හෝ තෙවන පාර්ශ්ව හරහා අවශ්‍ය යැයි සලකන ඕනෑම විමසීමක් කළ හැකි බව ඔබ පිළිගෙන එකඟ වේ.
- අවලංගු කිරීමට අපගේ අයිතිය. ගනුදෙනුව මෙම ගෙවීම් නියමයන් හෝ නියමයන් උල්ලංඝනය කරන්නේ යැයි අප විශ්වාස කරන්නේ නම්, හෝ එසේ කිරීමෙන් මූල්‍ය අලාභය වැළැක්විය හැකි යැයි අප විශ්වාස කරන්නේ නම් අප විසින් ඕනෑම ගනුදෙනුවක් අවලංගු කළ හැකි ය. අදාළ නීතියෙන් අවසර දී ඇති ප්‍රමාණයට, ඕනෑම වංචනික හෝ නීති විරෝධී ක්‍රියාවක් හෝ අදාළ නියමයන් උල්ලංඝනය කිරීමක් මගින් රැස් කරගත්, මාරු කළ, පවරා දුන් හෝ විකුණන ලද ඕනෑම තෑගි කාඩ්පත් ශේෂයක් හෝ සේවා ක්‍රෙඩිට් ද අවලංගු කිරීමට අපට පුළුවන.
- ගෙවීම් සහ එකවර ගෙවීමේ සීමා . ඔබට හෝ අපට සිදුවිය හැකි මූල්‍යමය හානියක් වළක්වා ගැනීම සඳහා, අප විසින් යම් කාල සීමාවක් සඳහා ගෙවීමක් කල් දැමීම, ගනුදෙනුවක් සඳහා ගෙවීම් උපකරණ සීමා කිරීම හෝ අක්‍රීය කිරීම, ගෙවීම් සිදුකිරීමට සහ ලබා ගැනීමට ඇති හැකියාව සීමා කිරීම, නිර්මාණකරුවන්ගේ ඉපැයුම් ගෙවීම් සඳහා සීමාවන් පැනවීම හෝ සකස් කිරීම, නැතහොත් ඔබගේ ගිණුම අක්‍රීය කිරීම සිදු කළ හැක. අතිරේකව, ඔබ විසින් ගෙවීම් උපකරණයක් නම් කර ඇති අතර, වංචා අවදානම, අරමුදල් ප්‍රමාණවත් නොවීම, හෝ එය ප්‍රතික්ෂේප වීමේ ඉතිහාසයක් තිබීම හෝ කල් ඉකුත් වී තිබීම ඇතුළු නමුත් ඒවාට පමණක් සීමා නොවී, කිසියම් හේතුවක් නිසා ඔබේ ගනුදෙනුව සඳහා එමඟින් අය කර ගත නොහැකි නම්, එම ගනුදෙනුව සම්පූර්ණ කිරීම සඳහා ගෙවිය යුතු මුදල ඔබගේ ගිණුමේ සුරැකී ඇති ඔබගේ අනෙකුත් ගෙවීම් උපකරණ වෙතින් අය කර ගැනීමට ඔබ අපට බලය ලබා දෙයි. ඔබ විසින් අතිරේක සනාථ කිරීම හෝ සත්‍යාපනය සම්පූර්ණ කිරීම ද අපට අවශ්‍ය විය හැකි ය.
- තොරතුරු බෙදා ගැනීම. ඔබට හෝ අපට සිදු වන මූල්‍ය අලාභය වැළැක්වීම සඳහා, අපි ඔබේ ගෙවීම් උපකරණ නිකුත් කරන්නා, නීතිය බලාත්මක කිරීම හෝ බලපෑමට ලක් වූ තෙවන පාර්ශ්වයන් (අනෙකුත් පරිශීලකයින් ඇතුළුව) සම්බන්ධ කර ගත හැකි අතර, එසේ කිරීමෙන් වළක්වා ගත හැකි යැයි අපි විශ්වාස කරන්නේ නම්, මූල්‍ය අලාභය හෝ නීතිය සහ/හෝ අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම ඔබ සම්බන්ධ ඕනෑම ගෙවීමක් පිළිබඳ විස්තර බෙදා ගත හැකි ය. අදාළ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ තවදුරටත් විස්තර කර ඇති පරිදි, අපි ඇණවුම, ගෙවීම, සබඳතා සහ ප්‍රවාහනය කිරීමේ තොරතුරු වැනි ඔබේ ගනුදෙනුව සම්පූර්ණ කිරීමට අවශ්‍ය තොරතුරු ඇතුළුව ගෙවීම් සේවා සපයන්නන් වැනි තෙවන පාර්ශ්වයන් සමග තොරතුරු බෙදා ගන්නෙමු.
- අත්හැර දැමූ දේපළ. හිමිකම් නොලබන දේපළ සඳහා අදාළ නීති මගින් දක්වා ඇති කාල සීමාව සඳහා තෑගි කාඩ්පත් ශේෂයක් භාවිත නොකර තැබුවහොත්, හෝ ඔබ ඔබේ ගිණුම මකා දමා අදාළ නියමයන් හෝ ප්‍රතිපත්ති කඩ නොකර, තෑගි කාඩ්පත් ශේෂයක් හෝ වෙළඳ ප්රචාරක ශේෂයක් තිබීමට හැරියොත් හෝ ඔබ අදාළ නියමයන් හෝ ප්‍රතිපත්ති කඩ කිරීම හැර වෙනත් හේතු නිසා අපි ඔබේ ගිණුම අක්‍රිය කරන්නේ නම් සහ මාස හයක් (6)ක් ඇතුළත එය ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය කිසිදු කොන්දේසියක් ඔබ සපුරා නොමැති නම්, ඔබේ තෑගි කාඩ්පත් ශේෂය හෝ වෙළඳ ප්රචාරක ශේෂය හා සම්බන්ධ මුදල් නීතියෙන් නියම කර ඇති පරිදි සුදුසු පාලන අධිකාරියට ඉදිරිපත් කිරීම ඇතුළුව, අපගේ නීතිමය බැඳීම්වලට අනුකූලව අප විසින් ඔබේ තෑගි කාඩ්පත් සකසනු ලැබිය හැකි ය.
- සේවා ක්‍රෙඩිට් අත්හිටුවීම/ අහිමි කිරීම. ඔබ අදාළ නියමයන් හෝ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන්නේ නම් සහ නීතියෙන් අවශ්‍ය වන විට, මාස හයක් (6) ඇතුළත ඔබේ ගිණුම ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය සියලු කොන්දේසි සපුරා නොමැති නම්, ඔබේ ගිණුම අත්හිටුවීමේ හෝ අවසන් කිරීමේ අයිතිය අප සතු ය. තව ද, නීතියෙන් අවසර දී ඇති ප්‍රමාණයට, භාවිතයට නොගත් ඔබේ සේවා ක්‍රෙඩිට් සහ ඔබට අහිමි කරනු ලබන ඕනෑම පෙරගෙවීමක් ද අප විසින් රඳවා ගනු ලැබිය හැකි ය. එවැනි මුදලක් සාධාරණ, හේතු සහගත ඇස්තමේන්තුවක් වන අතර එය දඩ මුදලක් නොවේ.
- පාරිභෝගික සහාය. පහත 2, 3, 4, සහ 5 වගන්තිවලට යටත්ව, ගෙවීම් ගනුදෙනුවකින් පැන නගින ආරවුලක් විසඳීම සඳහා තෙවන පාර්ශ්වයක් සමඟ සන්නිවේදනය කිරීමට ඔබට සහාය වීමට අපි අපගේ සහාය මධ්‍යස්ථානය තුළ විවිධ මෙවලම් සපයන්නෙමු.
- යටින් පවතින ගනුදෙනුව සඳහා වගකීමක් නැත. ඔබ තෙවන පාර්ශ්වයක් සමඟ ගනුදෙනුවකට ඇතුළත් වී ඔබ මිල දී ගත් භාණ්ඩ හෝ සේවා සම්බන්ධයෙන් හෝ ඔබ කළ පරිත්‍යාගය සම්බන්ධයෙන් ආරවුලක් ඇත්නම්, ගනුදෙනුවට යටින් පවතින භාණ්ඩ හෝ සේවා සඳහා හෝ තෙවන පාර්ශ්වය ඔබේ පරිත්‍යාගය භාවිත කළ ආකාරය සම්බන්ධයෙන් අපට වගකීමක් නොමැත. අපගේ එකම වගකීම වන්නේ ඔබේ ගෙවීම් ගනුදෙනුව හැසිරවීමයි. නීතියෙන් නියම කර නොමැති නම් හැර සියලුම ගෙවීම් අවසාන වේ. එය ඔබට ලබා දීමට පෙර ලබා ගත නොහැකි බවට පත් විය හැකි දෙයක් ඔබ ඇණවුම් කළහොත්, ඔබට ඔබේ ගෙවීම සඳහා ආපසු ගෙවීමක් ඉල්ලා සිටිය හැකි ය.
- වංචා අනතුරු ඇඟවීම. වංචනික ක්‍රියාකාරකම් හෝ ගනුදෙනු සිදු කිරීම සඳහා Meta ගෙවීම් භාවිත කිරීම කිසිදු සහනයක් නොමැතිව මුදල් අහිමි වීමට හේතු විය හැකි ය. ප්‍රාන්තයට විශේෂිත වංචා නිවේදන සඳහා පහත VI වගන්තිය බලන්න.
- අපට දැනුම් දීමේ වගකීම. (අ) ඔබේ ගිණුම යටතේ අනවසර හෝ වෙනත් ගැටලු සහගත ගනුදෙනුවක් සිදු වී ඇති බවට ඔබ විශ්වාස කරන්නේ නම්, අපට මූල්‍ය අලාභය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගත හැකි වන පරිදි, වහාම අපට දැනුම් දීමට ඔබ එකඟ වේ. අයකිරීමෙන් පසු දින 30ක් ඇතුළත ඔබ හිමිකම් පෑම අප වෙත ඉදිරිපත් නොකරන්නේ නම්, නීතියෙන් අවසර දී ඇති උපරිම ප්‍රමාණයට, ගනුදෙනුවෙන් හෝ වෙනත් ආකාරයකින් අපට එරෙහිව පැන නගින සියලුම හිමිකම් ඔබ අත්හැර දමනු ඇත. (ආ) ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින් සහ කුඩා ව්‍යාපාර සඳහා, ඔබේ ගිණුම යටතේ අනවසර හෝ වෙනත් ගැටළු සහගත ගනුදෙනුවක් සිදු වී ඇති බව ඔබ විශ්වාස කරන්නේ නම්, මූල්‍ය අලාභය වැළැක්වීමට අප ක්‍රියාමාර්ග ගත හැකි වන පරිදි වහාම අපට දැනුම් දීමට ඔබ එකඟ වේ.
- මැදිහත්වීම. ඔබ සහ සංවර්ධකයෙකු හෝ වෙළෙන්දෙකු අතර පැන නැගිය හැකි ගෙවීම් සම්බන්ධ ආරවුල්වලට අපි මැදිහත් විය හැකි නමුත්, එසේ කිරීමට අපට වගකීමක් නැත.
- තාක්ෂණික දුෂ්කරතා. ඔබේ ගෙවීම අසාර්ථක වීමට හේතු වන තාක්ෂණික දෝෂයක් හෝ සේවාවේ බාධාවක් ඔබ අත්විඳින්නේ නම්, ඔබේ ගනුදෙනුව පසුව නිම කරන ලෙස ඔබට ඉල්ලා සිටිය හැකි ය.
- ඔබට දැන්වීම. Meta නිෂ්පාදන හරහා ගෙවීම් විශේෂාංග භාවිත කිරීමෙන්, අප ඔබේ ගෙවීම් හෝ ඔබේ ගිණුම සම්බන්ධයෙන් ඕනෑම වැදගත් තොරතුරක් විද්‍යුත් වශයෙන් ඔබ සමඟ සන්නිවේදනය කළ හැකි බවට ඔබ එකඟ වේ. ඒවා අපගේ වෙබ් අඩවියේ පළ කිරීමෙන්, යෙදුම-තුළ දැනුම්දීමක් හරහා ඔබ වෙත යැවීමෙන් හෝ ඔබ කලින් අපට ලබා දුන් ඊමේල් ලිපිනයකට හෝ වීථි ලිපිනයකට යැවීමෙන් ද අපි ඔබට නිවේදන සැපයිය හැකි ය. සියලුම දැනුම්දීම් පළ කළ හෝ යවන ලද වේලාවෙන් පැය 24ක් ඇතුළත ඔබට ලැබුණු බව සලකනු ලැබේ; තැපෑලෙන් දැනුම්දීම් යැවූ වේලාවෙන් ව්‍යාපාරික දින තුනක් (3) ඇතුළත ලැබුණු බව සලකනු ලැබේ.
- අපට දැන්වීම. වෙනත් ආකාරයකින් ප්‍රකාශ කර ඇති පරිදි හැර, ඔබ Meta නිෂ්පාදන හරහා ගෙවීම් සහ මෙම ගෙවීම් නියම සම්බන්ධයෙන් දැන්වීම්, තැපෑලෙන් අප වෙත එවිය යුතු ය: Meta, Attn: Legal Department, 1 Meta Way, Menlo Park, California, 94025.
- සංශෝධන මාර්ගෝපදේශ. නීතියෙන් අවසර දී ඇති සම්පූර්ණ ප්‍රමාණයට අවශ්‍ය යැයි අප සලකන බැවින් දැනුම් දීමකින් තොරව ඕනෑම වේලාවක අප මෙම ගෙවීම් නියමයන් යාවත්කාලීන කළ හැකි ය. ඔබ ගනුදෙනුවක් තහවුරු කරන අවස්ථාවේ ක්‍රියාත්මක වන ගෙවීම් නියමයන් එම ගනුදෙනුව පාලනය කරයි.
පහත සඳහන් විධිවිධාන Meta-සැකසූ ගෙවීම් පරිශීලකයන්ට පමණක් අදාළ වේ:
- ඇලස්කාවේ පදිංචිකරුවන් සඳහා පමණි: ඔබේ ගැටලුව Meta Payments Inc. (1-888-851-6382) විසින් විසඳා නොමැති නම්, කරුණාකර ඇලස්කා ප්‍රාන්තය, බැංකු සහ සුරැකුම්පත් අංශය වෙත විධිමත් පැමිණිලි ඉදිරිපත් කරන්න. කරුණාකර පෝරමය මෙතැනින් බාගන්න: http://www.commerce.alaska.gov/web/portals/3/pub/DBSGeneralComplaintFormupdated.pdf/. (NMLS ID 918740)
- ඇරිසෝනා පරිශීලකයින්: මුදල් සම්ප්‍රේෂණය සැලකිය යුතු වංචා අවදානමක් ඇති කළ හැකි අතර, වංචාවට ගොදුරු වීමෙන් ආරක්ෂාව සලසා ගැනීම සඳහා ප්‍රවේශමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. ඔබ මුදල් යවන්නේ කාට ද යන්න ඔබ දන්නා බව සහතික කර ගැනීම සඳහා සැම විට ම ලබන්නා සත්‍යාපනය කරන්න. නාඳුනන අයට මුදල් යැවීමෙන් හෝ ඉල්ලුම් නොකළ දීමනාවලට ප්‍රතිචාර වශයෙන් මුදල් යැවීමෙන් වළකින්න. මන් ද, මේවා වංචාකරුවන් විසින් බහුලව භාවිතා කරන උපක්‍රම වන බැවිනි. මුදල් මාරු කිරීම අතැති මුදල් ලබා දීමක් ලෙස සලකන්න; වරක් යැවූ පසු එය නැවත ලබා ගත නොහැකි ය. ඔබට වංචා හෝ සැක සහිත වංචා ගැන පැමිණිලි කිරීමට අවශ්‍ය නම්, Meta Payments Inc පාරිභෝගික සහාය අංශය (NMLS ID 918740) සහාය මධ්‍යස්ථානය වෙතින් අන්තර්ජාලය ඔස්සේ හෝ අපගේ ස්වයංක්‍රීය ගාස්තු රහිත පාරිභෝගික සහාය ඇමතුම් අංකය වන 1-888-851-6382 ඔස්සේ අමතන්න. Meta Payments, Inc. ඔස්සේ මුදල් සම්ප්‍රේෂණ සේවා සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න හෝ පැමිණිලි ඇත්නම්, ඔබට 602-364-3100 යන අංකයෙන් ඇරිසෝනා රජයේ රක්ෂණ සහ මූල්‍ය ආයතන දෙපාර්තමේන්තුව ඇමතිය හැකි ය.
- ආර්කන්සාස් පරිශීලකයන්: මුදල් සම්ප්‍රේෂණය සැලකිය යුතු වංචා අවදානමක් ඇති කළ හැකි අතර, වංචාවට ගොදුරු වීමෙන් ආරක්ෂාව සලසා ගැනීම සඳහා ප්‍රවේශමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. ඔබ මුදල් යවන්නේ කාට ද යන්න ඔබ දන්නා බව සහතික කර ගැනීම සඳහා සැම විට ම ලබන්නා සත්‍යාපනය කරන්න. නාඳුනන අයට මුදල් යැවීමෙන් හෝ ඉල්ලුම් නොකළ දීමනාවලට ප්‍රතිචාර වශයෙන් මුදල් යැවීමෙන් වළකින්න. මන් ද, මේවා වංචාකරුවන් විසින් බහුලව භාවිතා කරන උපක්‍රම වන බැවිනි. මුදල් මාරු කිරීම අතැති මුදල් ලබා දීමක් ලෙස සලකන්න; වරක් යැවූ පසු එය නැවත ලබා ගත නොහැකි ය. ඔබට වංචා හෝ සැක සහිත වංචා ගැන පැමිණිලි කිරීමට අවශ්‍ය නම්, Meta Payments Inc පාරිභෝගික සහාය අංශය (NMLS ID 918740) සහාය මධ්‍යස්ථානය වෙතින් ඔන්ලයින්ව හෝ අපගේ ස්වයංක්‍රීය ගාස්තු රහිත පාරිභෝගික සහාය ඇමතුම් අංකය වන 1-888-851-6382 ඔස්සේ අමතන්න. මෙම වෙබ් අඩවිය හරහා සිදු කරන මුදල් සම්ප්‍රේෂණ කටයුතු සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් ඇත්නම්, Arkansas State Securities (501) 324-9260 සහ ක්ෂණික ඇමතුම් අංකය (800) 981-4429 ඇමතිය හැකි ය. ඔබට 1 Commerce Way, Suite 402, Little Rock, Arkansas 72202, හෝ ASDInfo@Arkansas.gov. වෙත ලිවීමට ද හැකි ය. නොවිසඳුණු ගැටලු සඳහා, ඔබට http://www.securities.arkansas.gov. වෙතින් ඔන්ලයින් පැමිණිල්ලක් ගොනු කළ හැකි ය.
- කැලිෆෝනියාවේ පරිශීලකයන්: ඔබට පැමිණිල්ලක් තිබේ නම්, Meta Payments Inc හි පාරිභෝගික සහාය අංශය අමතන්න. (NMLS ID 918740) සහාය මධ්‍යස්ථානය වෙතින් ඔන්ලයින්ව හෝ අපගේ ස්වයංක්‍රීය ගාස්තු රහිත පාරිභෝගික සහාය ඇමතුම් අංකය වන 1-888-851-6382 ඔස්සේ අමතන්න. මෙම වෙබ් අඩවිය හරහා සිදු කරනු ලබන මුදල් සම්පේ‍්‍රෂණ කි‍්‍රයාකාරකම්වල කිසියම් අංශයක් සම්බන්ධයෙන් ඔබට පැමිණිලි ඇත්නම්, ඔබට එහි ගාස්තු රහිත දුරකථන අංකය වන 1-866-275-2677 අංකයෙන්, හෝ එ.ජ. මූල්‍ය ආරක්ෂණ සහ නවෝත්පාදන දෙපාර්තමේන්තුව හරහා තැපැල් මගින් කැලිෆෝනියාවේ මූල්‍ය ආරක්ෂණ සහ නවෝත්පාදන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ විය හැකි ය, Attn: Consumer Services, 2101 Arena Boulevard, Sacramento, CA 95834. ඔබට https://dfpi.ca.gov/file-a-complaint. හිදී ඔන්ලයින් පැමිණිල්ලක් ද ගොනු කළ හැකි ය.
- කොලරාඩෝ පරිශීලකයන්: මුදල් ඇණවුම් විකිණීම, මුදල් යැවීම සහ මුදල් හෝ ණය ගෙවීම සඳහා වෙනත් උපකරණ ඇතුළුව, කොලරාඩෝ හි මුදල් සම්ප්‍රේෂණ ක්‍රියාකාරකම් සිදු කරන FDIC රක්ෂිත මූල්‍ය ආයතන හැර වෙනත් ආයතන, මුදල් සම්ප්‍රේෂක පනත, මාතෘකාව 11, වගන්තිය 110, කොලරාඩෝ සංශෝධිත ප්රඥප්තිවලට අනුකූලව කොලරාඩෝ බැංකු අංශයෙන් බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය වේ. ඔබට ඔබේ ගනුදෙනුව- ඔබ එවූ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් හෝ ගැටලුවක් ඇත්නම්, ඔබ සහාය සඳහා ඔබේ ගනුදෙනුව සැකසූ මුදල් සම්ප්‍රේෂක සම්බන්ධ කර ගත යුතු ය. බැංකු අංශයට මෙම තොරතුරු සඳහා ප්‍රවේශය නොමැත. ඔබ කොලරාඩෝ පදිංචිකරුවෙකු නම් සහ මුදල් සම්ප්‍රේෂක - ඔබේ මුදල් එවූ සමාගම පිළිබඳ පැමිණිල්ලක් තිබේ නම්, සියලුම පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කළ යුතු ය. කරුණාකර බැංකු වෙබ් අඩවියේ කොලරාඩෝ අංශයේ සපයා ඇති පැමිණිලි පෝරමය පුරවා එය සහ පැමිණිල්ලට සහාය දක්වන කිනම් හෝ ලේඛනයක් තැපෑලෙන් හෝ ඉ-තැපෑලෙන් බැංකු අංශයට ආපසු එවන්න: Colorado Division of Banking 1560 Broadway, Suite 975 Denver, CO 80202, ඉ-තැපෑල: DORA_BankingWebsite@state.co.us, වෙබ් අඩවිය: https://banking.colorado.gov/industry/money-transmitters.
- කනෙක්ටිකට් පරිශීලකයන්: Meta Payments Inc. (NMLS ID 918740) කනෙක්ටිකට් බැංකු දෙපාර්තමේන්තුව විසින් මුදල් සම්ප්‍රේෂකයක් ලෙස බලපත්‍ර ලබා දී නියාමනය කර ඇත.
- ෆ්ලොරිඩා පරිශීලකයන්: ඔබ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පරිශීලකයෙක් නම් සහ Meta Payments Inc. හි (NMLS ID 918740) මුදල් සම්පේ‍්‍රෂණ ක්‍රියාකාරකම සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු පැමිණිල්ලක් තිබේ නම්, පළමුව Meta Payments Inc. සම්බන්ධ කර ගැනීමෙන් පසු, කරුණාකර ඔබේ විමසීම් වෙත යොමු කරන්න: Florida Office of Financial Regulation, 200 E. Gaines Street, Tallahassee, FL 32399-0376, හෝ 1-800-848-3792.
- ඉලිනොයිස් පරිශීලකයන්: ඔබ ඉලිනොයිස් ප්‍රාන්තයේ පරිශීලකයෙක් නම් සහ Meta Payments Inc. ආයතනයෙහි (NMLS ID 918740) මුදල් සම්ප්‍රේෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු පැමිණිල්ලක් ඔබ සතුව තිබේ නම්, පළමුව Meta Payments Inc. සම්බන්ධ කර ගැනීමෙන් පසු, කරුණාකර ඔබේ විමසුම මෙම අංශයට යොමු කරන්න: 1-888-473-4858 වෙතින් ඉලිනොයිස් මූල්‍ය හා වෘත්තීය නියාමන අංශය.
- කන්සාස් පරිශීලකයන්: Meta Payments, Inc. ඔස්සේ මුදල් සම්ප්‍රේෂණ සේවා සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න හෝ පැමිණිලි ඇත්නම්, 785-380-3939 යන අංකයෙන් කන්සාස් ප්‍රාන්ත බැංකු කොමසාරිස් කාර්යාලය ඇමතිය හැකි ය.
- මේන් පරිශීලකයින්: Meta Payments Inc. (NMLS ID 918740) මේන් මූල්‍ය ආයතන කාර්යාංශ (800-965-5235) විසින් මුදල් සම්ප්‍රේෂකයක් ලෙස බලපත්‍ර ලබා දී නියාමනය කර ඇත. ඔබට පැමිණිල්ලක් තිබේ නම්, Meta Payments Inc. පාරිභෝගික සහාය අංශය මාර්ගගත සහාය මධ්‍යස්ථානය වෙතින් හෝ 1-888-851-6382 යන අංකයෙන් අපගේ ස්වයංක්‍රීය ගාස්තු රහිත පාරිභෝගික සහාය මාර්ගය ඔස්සේ සම්බන්ධ කර ගන්න.
- මේරිලන්ඩ් පරිශීලකයන්: Meta Payments Inc., (NMLS ID 918740) බලපත්‍ර අංක 918740, 1100 N. Eutaw Street, Suite 611, Baltimore, MD, 21201 දුරකථන අංකය 1-888-784-0136 සම්බන්ධයෙන් මේරිලන්ඩ් ප්‍රාන්තයේ මූල්‍ය නියාමන කොමසාරිස් විසින් මේරිලන්ඩ් පදිංචිකරුවන්ගෙන් සියලුම ප්‍රශ්න හෝ පැමිණිලි පිළිගනු ඇත. NMLS පාරිභෝගික ප්‍රවේශ වෙබ් අඩවිය https://www.nmlsconsumeraccess.org/ වේ.
- මිනසෝටා පරිශීලකයන්: Meta Payments, Inc. ඔස්සේ මුදල් සම්ප්‍රේෂණ සේවා සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න හෝ පැමිණිලි ඇත්නම්, ඔබට 651-539-1600 යන අංකයෙන් මිනසෝටා වාණිජ දෙපාර්තමේන්තුව ඇමතිය හැකි ය. ඔබට වංචා හෝ සැක සහිත වංචා ගැන පැමිණිලි කිරීමට අවශ්‍ය නම්, Meta Payments Inc පාරිභෝගික සහාය අංශය (NMLS ID 918740) සහාය මධ්‍යස්ථානය වෙතින් අන්තර්ජාලය ඔස්සේ හෝ අපගේ ස්වයංක්‍රීය ගාස්තු රහිත පාරිභෝගික සහාය ඇමතුම් අංකය වන 1-888-851-6382 ඔස්සේ අමතන්න.
- නෙබ්රස්කාවේ පරිශීලකයන්: Meta Payments, Inc. ඔස්සේ සිදු කරන මුදල් සම්ප්‍රේෂණ සේවා සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න හෝ පැමිණිලි ඇත්නම්, 877-471-3445 යන අංකයෙන් නෙබ්රස්කාවේ බැංකු සහ මූල්‍ය අංශය ඇමතිය හැකි ය.
- නෙවාඩා පරිශීලකයන්: පාරිභෝගිකයින්ට බලපත්‍රලාභියාගේ මුදල් සම්ප්‍රේෂණ සේවා පිළිබඳ ප්‍රශ්න හෝ පැමිණිලි සම්බන්ධයෙන් නෙවාඩා මූල්‍ය ආයතන අංශය හා සම්බන්ධ විය හැකි ය. නෙවාඩා මූල්‍ය ආයතන අංශය (702) 486-4120 ඔස්සේ සම්බන්ධ කර ගත හැකි ය.
- නිව්යෝර්ක් පරිශීලකයන්: Meta Payments Inc. (NMLS ID 918740) නිව්යෝර්ක් ප්‍රාන්තයේ මූල්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් මුදල් සම්ප්‍රේෂකයක් ලෙස බලපත්‍ර ලබා දී නියාමනය කර ඇත. නිව්යෝර්ක් පාරිභෝගිකයින්ට නොවිසඳුණු පැමිණිලි පහත ලිපිනයට යොමු කළ හැකි ය: Consumer Assistance Unit, NYS Department of Financial Services, One Commerce Plaza, Albany, NY 12257, 1-877-BANK-NYS (1-877-226-5697), www.dfs.ny.gov/consumer/fileacomplaint.htm.
- උතුරු ඩැකෝටා පරිශීලකයන්: උතුරු ඩැකෝටා පාරිභෝගිකයින්ට බලපත්‍රලාභියාගේ මුදල් සම්ප්‍රේෂණ සේවා පිළිබඳ ප්‍රශ්න හෝ පැමිණිලි සමග උතුරු ඩැකෝටා මූල්‍ය ආයතන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැකි ය. උතුරු ඩැකෝටා මූල්‍ය ආයතන අංශය (701) 328-9933.
- දකුණු කැරොලිනාවේ පරිශීලකයන්: Meta Payments, Inc. ඔස්සේ සිදු කරන මුදල් සම්ප්‍රේෂණ සේවා සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න හෝ පැමිණිලි ඇත්නම්, 803-734-1221 යන අංකයෙන් දකුණු කැරොලිනාවේ නීතිපති කාර්යාලය - මුදල් සේවා අංශය ඇමතිය හැකි ය.
- දකුණු ඩැකෝටා පරිශීලකයන්: දකුණු ඩැකෝටා පාරිභෝගිකයන්ට බලපත්‍රලාභියාගේ මුදල් සම්ප්‍රේෂණ සේවා පිළිබඳ ප්‍රශ්න හෝ පැමිණිලි සමග අංශය හා සම්බන්ධ විය හැකි ය. දකුණු ඩැකෝටා බැංකු අංශය (605) 773-3421.
- ටෙනසි පරිශීලකයන්: ටෙනසි පාරිභෝගිකයින්ට බලපත්‍රලාභියාගේ මුදල් සම්ප්‍රේෂණ සේවා පිළිබඳ ප්‍රශ්න හෝ පැමිණිලි සමග අංශය හා සම්බන්ධ විය හැකි ය. ටෙනසි මූල්‍ය ආයතන දෙපාර්තමේන්තුව (615) 741-2236.
- ටෙක්සාස් පරිශීලකයන්: ඔබට පැමිණිල්ලක් තිබේ නම්, පළමුව Meta Payments Inc. හි පාරිභෝගික සහාය අංශය ඔන්ලයින් ලෙස සහාය මධ්‍යස්ථානය හිදී හෝ 1-888-851-6382 හිදී අපගේ ස්වයංක්‍රීය ගාස්තු රහිත පාරිභෝගික සහාය මාර්ගය හරහා සම්බන්ධ කර ගන්න. Meta Payments Inc. මුදල් සම්ප්‍රේෂණය හෝ මුදල් හුවමාරුව ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් ඔබට තවමත් නොවිසඳුණු පැමිණිල්ලක් තිබේ නම්, කරුණාකර ඔබේ පැමිණිල්ල මෙතැනට යොමු කරන්න: Texas Department of Banking, 2601 North Lamar Boulevard, Austin, Texas 78705, 1-877-276-5554 (toll-free), www.dob.texas.gov.
- Vermont පරිශීලකයන්: Meta Payments Inc. (NMLS ID 918740) වර්මොන්ට් මූල්‍ය නියාමන අංශය විසින් මුදල් සම්ප්‍රේෂකයක් ලෙස බලපත්‍ර ලබා දී නියාමනය කර ඇත. ඔබට පැමිණිල්ලක් තිබේ නම්, පළමුව මාර්ගගත සහාය මධ්‍යස්ථානය වෙතින් හෝ 1-888-851-6382 යන අංකයෙන් අපගේ ස්වයංක්‍රීය ගාස්තු රහිත පාරිභෝගික සහාය මාර්ගය ඔස්සේ Meta Payments Inc. පාරිභෝගික සහාය අංශය සම්බන්ධ කර ගන්න. Meta Payments Inc. මුදල් සම්ප්‍රේෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔබට තවමත් නොවිසඳුණු පැමිණිල්ලක් තිබේ නම්, කරුණාකර වර්මොන්ට් මූල්‍ය නියාමන අංශය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට මෙම පෝරමය භාවිත කරන්න.
- වර්ජීනියාවේ පරිශීලකයන්: Meta Payments, Inc. ඔස්සේ මුදල් සම්ප්‍රේෂණ සේවා සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න හෝ පැමිණිලි ඇත්නම්, ඔබට 800-552-7945 යන අංකයෙන් වර්ජීනියාවේ මූල්‍ය ආයතන කාර්යාංශය ඇමතිය හැකි ය.
විධිමත් පැමිණිලි පෝරමය උපකාරක ලේඛන සමඟ මෙම ලිපිනයට යොමු කරන්න:
Division of Banking and Securities, PO Box 110807 Juneau, AK 99811-0807.
ඔබ විධිමත් පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති ඇලස්කාවේ පදිංචිකරුවෙකු නම්, කරුණාකර අපට dbs.licensing@alaska.gov වෙත ඊමේල් කරන්න, නැතහොත් (907) 465-2521 අංකය අමතන්න
- සේවා නියම සහ නියමවල ගැටුම. අපගේ සේවා නියමයන් (“නියමයන්”) Meta නිෂ්පාදන හරහා ඔබේ ගෙවීම් විශේෂාංග භාවිතයට අදාළ වේ. මෙම ගෙවීම් නියමයන් සහ නියමයන් අතර කිසියම් ගැටුමක් ඇති වුවහොත්, ගෙවීම් නියමයන් බලපැවැත්වෙනු ලැබෙන්නේ ය. ඔබ අමතර තුන්වන පාර්ශ්ව නියමයන් සහ කොන්දේසිවලට යටත් විය හැකි ය, ඒවා යොමු කිරීම මගින් සංස්ථාගත කර ඇත. එවැනි නියමයන්ට Apple හෝ Google වෙතින් ඔවුන්ගේ සේවාවන් හරහා කරන ලද Meta නිෂ්පාදන මිල දී ගැනීම් සඳහා නියම ඇතුළත් විය හැකි ය. එවැනි තුන්වන පාර්ශ්ව කොන්දේසි වලට අනුකූල වීම සඳහා ඔබ සම්පූර්ණයෙන්ම වගකිව යුතු ය.
- නීතිමය ගැටුම. සමහර රටවල් Meta නිෂ්පාදන හරහා ගෙවීම් කිරීමට ඔබට ඇති හැකියාව සීමා කිරීමට හෝ තහනම් කිරීමට හැකි ය. එවැනි විදේශීය නීති ප්‍රතික්ෂේප කිරීමට හෝ මඟ හැරීමට මෙම ගෙවීම් නියමයන් වල කිසිවක් කියවිය යුතු නැත.
- අනුග්‍රාහක පරිවර්තන. මෙම ගෙවීම් නියමයන් ඉංග්‍රීසියෙන් (එක්සත් ජනපදය) ලියා ඇත. මෙම ගෙවීම් නියමයන් වල ඕනෑම පරිවර්තිත අනුවාදයක් ඉංග්‍රීසි අනුවාදය සමඟ ගැටෙන තාක්, ඉංග්‍රීසි අනුවාදය පාලනය කරයි.
- වෙළඳ සම්බාධක. එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා ඇති හෝ වෙනත් ආකාරයකින් අදාළ වන එක්සත් ජනපද හෝ එක්සත් ජනපද නොවන වෙළඳ සම්බාධක උල්ලංඝනය කරන රටක හෝ කලාපයක පිහිටා ඇති ක්‍රියාකාරකම්, පුද්ගලයන්, හෝ ආයතන සම්බන්ධව Meta නිෂ්පාදන හරහා ගෙවීම් විශේෂාංග භාවිත නොකළ යුතු ය.
- "අප". ඉහත 1 වගන්තිය සීමා කරනු ලැබීමකින් තොරව, "අප," "අපි" හෝ "අපේ" යන්නෙන් අදහස් කරන ආයතන පහත දැක්වේ:
- ඔබ Meta විසින් සැකසූ ගෙවීමක් නොවන ගෙවීමක් Meta නිෂ්පාදන ඔස්සේ ආරම්භ කරන තාක් දුරට හෝ අපි ඔබේ ගෙවීම් උපකරණය වෙත හර කිරීමක් හෝ අය කිරීමක් ආරම්භ කර ඇති තාක් දුරට, ගෙවීම සිදු කරන වේලාවේ දී ඉදිරිපත් කරන නියමවල සපයා ඇති පරිදි, මෙම ගෙවීම් නියම (අ) ඔබ එක්සත් ජනපදයේ, කැනඩාවේ, එක්සත් රාජධානියේ හෝ යුරෝපා කලාපයේ (යුරෝපා ආර්ථික කලාපයේ සහ යුරෝපා සංගමයේ රටවල් ඇතුළුව) නොවන රටක පදිංචිකරුවකු හෝ එකී රටක ඔබේ මූලික ව්‍යාපාරික ස්ථානය තිබෙන්නේ නම්, ඔබ සහ Meta Platforms, Inc. අතර ද, නොඑසේ ව (ආ) ඔබ යුරෝපා ආර්ථික කලාපයේ සහ යුරෝපා සංගමයේ රටවල් ඇතුළුව නමුත්, එක්සත් රාජධානිය හැර යුරෝපා කලාපයේ රටක පදිංචිකරුවකු නම් හෝ එකී රටක ඔබේ මූලික ව්‍යාපාරික ස්ථානය තිබෙන්නේ නම්, ඔබ සහ Meta Platforms Ireland Limited අතර ද වේ.
- Meta Platform, Inc. පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය බැලීමට කරුණාකර https://www.facebook.com/about/privacy වෙත පැමිණෙන්න.
- Meta Platforms Ireland Limitedපෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය බැලීමට කරුණාකර: www.facebook.com/payments_terms/EU_privacyවෙත පැමිණෙන්න
- ඔබ Meta-සැකසූ ගෙවීම් භාවිත කරන ප්‍රමාණයට සහ එක්සත් ජනපදයේ හෝ කැනඩාවේ ඔබේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයේ පදිංචිකරුවෙකු වන හෝ ඇති ප්‍රමාණයට, මෙම ගෙවීම් නියමයන් ඔබ සහ ෆ්ලොරිඩා සංස්ථාවක් වන Meta Payments Inc. අතර වේ.
- Meta Payments Inc. පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය බැලීමට, කරුණාකර https://www.facebook.com/payments_terms/privacy වෙත පැමිණෙන්න.
- Meta Payments Inc. එක්සත් ජනපදයේ විවිධ අධිකරණ බල ප්‍රදේශවල මුදල් සම්ප්‍රේෂකයක් ලෙස බලපත්‍ර ලබා ඇත. Meta Payments Inc. මුදල් සම්ප්‍රේෂක බලපත්‍ර බැලීමට කරුණාකර https://www.facebook.com/payments_terms/licensesවෙත පැමිණෙන්න.
- ඔබ Meta විසින් සැකසූ ගෙවීමක් නොවන ගෙවීමක් Meta නිෂ්පාදන ඔස්සේ ආරම්භ කරන තාක් දුරට හෝ අපි ඔබේ ගෙවීම් උපකරණය වෙත හර කිරීමක් හෝ අය කිරීමක් ආරම්භ කර ඇති තාක් දුරට, ගෙවීම සිදු කරන වේලාවේ දී ඉදිරිපත් කරන නියමවල සපයා ඇති පරිදි, මෙම ගෙවීම් නියම (අ) ඔබ එක්සත් ජනපදයේ, කැනඩාවේ, එක්සත් රාජධානියේ හෝ යුරෝපා කලාපයේ (යුරෝපා ආර්ථික කලාපයේ සහ යුරෝපා සංගමයේ රටවල් ඇතුළුව) නොවන රටක පදිංචිකරුවකු හෝ එකී රටක ඔබේ මූලික ව්‍යාපාරික ස්ථානය තිබෙන්නේ නම්, ඔබ සහ Meta Platforms, Inc. අතර ද, නොඑසේ ව (ආ) ඔබ යුරෝපා ආර්ථික කලාපයේ සහ යුරෝපා සංගමයේ රටවල් ඇතුළුව නමුත්, එක්සත් රාජධානිය හැර යුරෝපා කලාපයේ රටක පදිංචිකරුවකු නම් හෝ එකී රටක ඔබේ මූලික ව්‍යාපාරික ස්ථානය තිබෙන්නේ නම්, ඔබ සහ Meta Platforms Ireland Limited අතර ද වේ.
- කෙසේ වෙතත්, ඔබ බ්‍රසීලයේ පදිංචිකරුවෙකු නම් හෝ ඔබේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය තිබේ නම්, ඔබේ ගෙවීම Facebook Online Serviços do Brasil Ltda වෙතින් සෘජුවම මෙම ගෙවීම් නියමයන්ට අනුකූලව ලබා ගත හැකිය.
- Facebook Payments International Ltd. පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය බැලීමට කරුණාකර: www.facebook.com/payments_terms/EU_privacyවෙත පැමිණෙන්න
- ඔබ Meta Products හරහා අප සමඟ ගෙවීම් උපකරණයක් ගබඩා කරන ප්‍රමාණයට සහ යුරෝපීය ආර්ථික ප්‍රදේශයේ සහ යුරෝපා සංගමයේ රටවල් ඇතුළුව, නමුත් එක්සත් රාජධානිය හැර යුරෝපීය කලාපයේ රටවල පදිංචිකරුවෙකු හෝ ඔබේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය ඇති ප්‍රමාණයට: අයර්ලන්ත ජනරජයේ පුද්ගලික සීමිත සමාගමක් වන Facebook Payments International Ltd, මෙම ගෙවීම් නියමයන් යටතේ ඔබේ ගෙවීම් උපකරණ ගබඩා කිරීම සඳහා වගකිව යුතු අතර Facebook Payments International Ltd හි පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය ද අදාළ වේ.
- Facebook Payments International Ltd. පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය බැලීමට කරුණාකර: www.facebook.com/payments_terms/EU_privacyවෙත පැමිණෙන්න
- ඔබ Meta Products හරහා අප සමඟ ගෙවීම් උපකරණයක් ගබඩා කරන තරමට සහ එක්සත් ජනපදයේ, කැනඩාවේ, එක්සත් රාජධානියේ හෝ යුරෝපීය කලාපයේ (ඒවා ඇතුළුව) වෙනත් රටක ඔබේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයේ පදිංචිකරුවෙකු හෝ ඇති යුරෝපීය ආර්ථික කලාපය සහ යුරෝපා සංගමය): Florida සංස්ථාවක් වන Meta Payments Inc., මෙම ගෙවීම් නියමයන් යටතේ ඔබේ ගෙවීම් උපකරණ ගබඩා කිරීම සඳහා වගකිව යුතු අතර Meta Payments Inc. පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය ද අදාළ වේ.
- Meta Payments Inc. හි රහස්‍යතා ප්‍රතිපත්තිය බැලීමට, කරුණාකර https://www.facebook.com/payments_terms/privacyවෙත පැමිණෙන්න.
- Meta Payments Inc. එක්සත් ජනපදයේ විවිධ අධිකරණ බල ප්‍රදේශවල මුදල් සම්ප්‍රේෂකයක් ලෙස බලපත්‍ර ලබා ඇත. Meta Payments Inc. Money Transmitter බලපත්‍ර බැලීමට, කරුණාකර https://www.facebook.com/payments_terms/licensesවෙත පැමිණෙන්න.